මිහිදන් කළ කාන්තාවක් දින කිහිපයකට පස්සේ නිවසට ආවා කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයි.
සමහරුන්ට බයක් දැනෙන්න පුළුවන්.
හැබැයි ඒ විදිහට වුණු සිද්ධියක් ගැනයි අපි මේ කියන්න හදන්නේ.
කළුගඟේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන නාගොඩ මහ රෝහලේ තැන්පත් කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අතුරුදහන්ව සිටි තම දියණියගේ බවට මව්පියන් විසින් හඳුනාගෙන තිබෙනවා.
ඉන් පසුව එම සිරුර නිවසට ගෙනවිත් භූමදාන කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා හදුනාගත් තරුණයෙක් සමග ඇය පෙම් සබදතාවක් පවත්වා ඇති අතර ඔහු සමග නුවරඑළියේ ලැගුම්හලක නැවතී සිට ඇති බවයි පොලිසියට ඇය පවසා තිබෙන්නේ.
පසුගිය 10 වැනිදා කළුගගේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් කළුතර පොලිසිය විසින් නාගාඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
එම සිරුර තම දියණියගේ බවට අතුරුදන්වූ කාන්තාවගේ පියා විසින් හදුනාගෙන තිබුණා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)