Gossip

මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද..? කවුරුත් බලාගෙන හිටපු 2020 ජනාධිපති අපේක්ෂකයා මෙන්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනා එක් පවුලක් ලෙස කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ.

මේ අතර වැඩි මිලට පොහොර අලෙවි කරන ස්ථාන පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද කෘෂිකර්ම අමාත්‍යරයා ගොවින්ගෙන් ඉල්ලීමක් කරනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පොහොර හිඟයකින් තොරව ලබා දීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි.

මේ අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා පොහොර නිකුත් කිරීමට අක්කර 5ට වඩා අඩු වී ගොවීන්ට රුපියල් 500 බැගින් හා අමතර බෝග ගොවින්ට රුපියල් 1500 ක් ලබා දීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් මෙම මිල ගණන්වලට වඩා වැඩි මිලට බෝග විකුණන පුද්ගලයින් සිටි නම් ඒ පිළිබඳ 0113036666 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා.

මෙම සහනාධාරය ලබා දීමට වී ගොවීන්ට රුපියල් 3000 ක මුදලක් හා අමතර බෝග ගොවීන් සඳහා රුපියල් 2000 ක මුදලක් රජය විසින් දරණ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!