ඉන්දුනීසියාවේ ප්රදේශ කිහිපයක දී මත්පැන් විෂ වීමෙන් මෙම මාසය තුළ පමණක් පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා.
බටහිර ජාවා, ජකර්තා ඇතුළු ප්රදේශවලින් මෙම මරණ වාර්තා වන බවයි ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ.
මත්පැන් විෂ වීමෙන් තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව සදහන්.
නීති විරෝධී මත්පැන් භාවිතය ඉන්දුනීසියාවේ විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් එරට බලධාරීන් ඒ සඳහා නව නීතිද හඳුන්වා දී තිබෙනවා.
