රත්නපුර හා කෑගල්ල ප්‍රදේශයට ඇද හැලෙන වැසි සමඟ ජාතිය ගොඩනැගීමේ පර්යේෂණ ආයතනය මඟින් නායයෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කිරිඇල්ල, ඇහැළියගොඩ, අයගම, කුරුවිට, රත්නපුර හා කොළොන්න යන ප්‍රාදේශීය කොට්ඨාසවල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට යන ප්‍රදේශයේත් මෙම නායයෑම් නිවේදනය වලංගු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම ප්‍රදේශවල සමහර ස්ථානවල මිලිමීටර 75කට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් නායයෑම් ඇති විය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් ජනතාවට විමසිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
විශේෂයෙන් නාය යන ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශයන්ගෙන් ඉවත් වෙන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.