Gossip

“අවුරුදු අටක් සැමියාගේ විකෘති කාමාශාවන්ගෙන් බේරෙන්න හැදුවා, මම කිහිප විටක්ම ඔහුට කිව්වා ලිංගික ආශාවන්ගෙන් මිදෙන්න කියලා”

ලොකු කතාබහක් ඇතිකරමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී මරා දමා තිබුණේ 2014 වසරේදීය.
මෙම ඝාතනයට අදාල වෛද්‍යවරිය එරට අධිකරණය මගින් අවුරුදු 4 කට සිරගත කරනු ලැබුවා.
ඇය මීට සති දෙකකට පමණ ඉහතදී නිදහස ලබා තිබෙනවා.
සුදු තරුණියක් නිවසට ගෙන්වාගෙන බිරිය චමරි හා සමග එක්වීමේ විකෘත මානසිකත්වය පෙන්නුම් කළ සැමියා වූ දිනේන්ද්‍රව එදින රාත්‍රියේදීම බිරිඳ චමරි විසින් මරා දමා තිබුණා.
මෙම ඝාතනය චමරි විසින් සිදුකළ ඇති බවට හෙළිවුවත් ඇය චේතනාන්විතව ප්‍රාණ ඝාතනයක් කළ බවට හෙළිවී නැහැ.
වසර අටක් තිස්සේ සැමියාගෙන් ලිංගික පීඩනයන්ට චමරි බදුන්වී ඇති අතර සිද්ධිය වූ දිනයේ බීමත්ව සිහිමද ගතියෙන් පීඩනය ඉවසාගත නොහැකිව ඔහුගෙන් ගැලවීමට චමරි මෙම පහරදීම සිදුකර ඇති බවත් එයින් ඔහු මරණයට පත්ව ඇති බවත් අධිකරණනයේදී තහවුරු වී තිබෙනවා.
චමරි දැන් පවසන්නේ එදින රාත්‍රී විස්කි පානය කර සිටි තමාට මේ කිසිවක් මතක නැති බවයි.
වසර 4 කට සිරදඩුවම් නියම කිරීමෙන් පසුව චමරිව රටින් පිටුවහල් කිරීමට නිර්දේශ වුවත් එරට සිටි චමරිගේ මිතුරියන් කළ උද්ඝෝෂණයන් හා පෙත්සම් නිසා එම තීරණය වෙනස් වී තිබුණා.
චමරිගේ මානසික තත්වය ගැන අධිකරණය මගින් නැවත විශේෂ තීන්දුවක් ලබාදෙමින් ඕස්ට්‍රේලියාවේ තවදුරටත් වාසය කිරීමට ඇයට අවස්ථාව උදාකර දී තිබෙනවා.
වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල හා වෛද්‍ය චමරි ලියනගේ යුවළ 17 හැවිරිදි සුදු තරුණියකද හවුල් කරගෙන මත්පැන් බී අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් සිදුකරමින් හැසිරුණ 2014 වසරේ ජුනි 24 වනදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුවූ බව වාර්තා වූ අතර එදින මෙම යුවළ සමග තුන්වැනියෙකු ලෙස සුදු තරුණියක එම නිවසට පැමිණ තිබුනේ එම දෙදෙනාගේ කැමැත්ත මතයි. ඔවුන් එම තරුණිය පාන්දර ජාමයේ නිවසින් පිටතට ඇරලවා පැය කිහිපයකින් පසුත් විස්කි බී මත්වී සිටි චමරි සැමියා සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු කුපිතවී සැමියා මරා දමා තිබෙනවා.
ඇයට සිද්ධිය ගැන කිසිවක් මතක නැති බව පැවසුවත් සැමියා සමග ගත කළ වසර අටක විවාහ ජීවිතය සාර්ථක නැති බව ඇය පවසා තිබුණා.
සැමියාගෙන් වෙන්වීමට අවස්ථා ගණනාවකදී උත්සහ කළත් සැමියා එයට අවස්ථාවක් ලබාදීනැහැ.
චමරි විසින් සිය සැමියාගේ විකෘති ලිංගක ආශාවන් ගැන උසාවිය දැනුවත් කිරීමෙන් පසුව සැමියාගේ පරිගණක උපාංග පිළිබදව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
එහිදී සිද්ධියවූ ජුනි 24 වනදා රාත්‍රී කාලයේ වීපීඑන් පද්ධතිය ඔස්සේ රහසිගතව පැය තුනකට ආසන්න කාලයක් වරින් වර පරිගණකයට සම්බන්ධවී තිබුණ ආකාරය සැක කටයුතුවූ බැවින් ඒ ගැන සොයා බැලීමේදී වෛද්‍ය දිනේන්ද්‍ර කිසියම් ෆයිල් වගයක් පුද්ගලික ගොනුවට තැන්පත්කර ඇති බව පරීක්ෂකවරුන් අනාවරණය කළා. ඒවා වෙනත් අයට විවෘත කරන්නට බැරි ලෙස ආරක්ෂක සැකසුම් ඇති කළ වීඩියෝ ෆයිල් වූ බවත් ඒවායේ අසභ්‍ය පුද්ගලික ලිංගික ජවනිකාවන්හි වීඩියෝ අන්තර්ගත බවත් පරීක්ෂකවරුන් දන්වා සිටියා.
එම කරුණු අනුව අවසාන නිගමනයකට එළැඹීම පිණිස අදාළ වාර්තාව අධිකරණයට ඔවුන් ඉදිරිපත් කළ අතර ලිංගික ජවනිකා කවර ඒවාද යන්න අධිකරණයේදී අනාවරණය කළේ නැහැ.
වෛද්‍ය දිනේන්ද්‍ර තමන් සමග අඹුසැමියන් ලෙස හැසිරෙමින් ඒවා වීඩියෝවට නැගීමේ කැමැත්තකින් පසුවූ බව ඔහුගේ බිරිය චමරි මින් ඉහත පවසා තිබුණ අතරම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සැපයූ 17 හැවිරිදි නම සඳහන් නොකළ සුදු තරුණිය දන්වා තිබුනේ සිද්ධියවූ දිනයේ තමා වෛද්‍යවරයාගේ නිදියහනට කැඳවීම පිණිස අලූත් කැමරාවක් මිලට ගෙන තිබුණ බවත් එයින් සියල්ල වීඩියෝ කරන්නට වෛද්‍යවරයා කටයුතු කළ බවයි.
17 හැවිරිදි සුදු ජාතික තරුණිය එදින රෑ නිවසට පැමිනි පසුව මෙම ක්‍රියාකාරකම් සඳහා සූදානම් වූ බවත් ඒ සඳහා වෛද්‍ය චමරි ඇයට උදව් කළ බවත් සුදු තරුණිය පොලිසියට පවසා තිබෙනවා.
ඇගේ පාදවල රෝම කූප ඉවත් කිරීම (වැක්සින්) සිදු කිරීමටද වෛද්‍ය චමරි උදව් කළ බවද ඇය කියා තිබෙන අතර එදා මෙම සිද්ධිය පටිගත කරන්නට වෙනම කැමරාවක්ද ඇයට වෙනම සපත්තු දෙකක්ද රැගෙන වෛද්‍ය දිනේන්ද්‍ර පැමිණ තිබෙන බවත් සදහන්.
රාත්‍රී කාලයේ විවිධ දේ කථාබස් කර විස්කි පානය කරන්නටද මේ තිදෙනාම යොමුවී තිබෙනවා.
අනතුරුව වෛද්‍ය චමරි හා වෛද්‍ය දිනෙන්ද්‍ර අඹුසැමියන් ලෙස තමා ඉදිරියේ හැසිරුණ බවත් සුදු තරුණිය පොලිසියට පවසා තිබෙනවා.
රාත්‍රී කාලයේ වෛද්‍ය දිනේන්ද්‍ර තමා වෙත පැමිණි එක් අවස්ථාවක වෛද්‍ය චමරි එක්වරම විරෝධයක් පළ කළ බවත් ඇය පවසයි.
කෙසේ හෝ පාන්දර ජාමයේ තමාව නැවත නිවසට ඇරලවන්නට වෛද්‍ය චමරි පවා පැමිණි බවද ඇය කියා තිබෙනවා ඉන් අනතුරුව පසුදා ඇයට අසන්නට ලැබී ඇත්තේ චමරි දිනේන්ද්‍රව පොරොවකින් කොටා ඝාතනය කර ඇති සිදුවීමයි.
චමරිගේ නීතීඥයින් දිගින් දිගටම මෙය හිතාමතා කළ ඝාතනයක් නොවන බව දන්වන්නට උත්සාහ කළ අතර පැරණී වීඩියෝ සාක්ෂි අනුවද මියගිය වෛද්‍යවරයා විකෘත ලිංගික ආසාවන්ගෙන් පෙළුණ අයෙකු බවට උසාවියේදී කරුණු තහවුරු වූ අතර ඒ අනුව චමරි තමන්ට එල්ලවූ පීඩාව උසාවියේදී ඔප්පු කර මිනීමැරුමේ බරපතල දඩුවම් නොලැබ ගැල වී තිබෙනවා.
දෙදරු මවක වූ චමරිට වසර 4 කට ලිහිල්ව මෙම සිර දඩුවම ලද පසු ලංකාවේ සිටින දෙමාපියන් භාරයට දරුවන් යොමු කරන්නට සිදුවූ අතර පසුගියදා ඇය නිදහස ලැබීමෙන් පසුව නැවත දරුවන් සමග ඇය නිවසේ වාසය කරන්නට පටන් ගෙන තිබෙන බවත් සදහන්.
ඇය නිදහස ලැබීමෙන් පසු ඕස්ට්‍රේලියානු හිතවතුන්ට ස්තූති කරමින් ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ඒබීසී නාලිකාව නිවුස්7.30 වෙනුවෙන් චමරිගේ නිවසට ගොස් විශේෂ වැඩසටහනක්ද ගෙන එන්නට කටයුතු කර තිබෙන අතර එහිදී ඇය හැඩූ කඳුලින් යුතුව තමන් සැමියාගෙන් විඳි පීඩාව ගැන සිහිපත් කර සිටි අතර තමා සිරගතව සිටි කාලයේ පවුල් ජීවිතයට වඩා නිදහසක් අත්වින්ද බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඇත්තටම මම ඔහුට ආදරේ කළා.. මම ඔහුට කිහිප විටක් කිව්වා ඔය වගේ හිංසා කරන්න එපා..ඒ වගේ ලිංගික ආශාවන්ගෙන් මිදෙන්න කියලා.. නමුත් ඔහු ඒ ගැන හිතුවේ නැහැ.. මම කිහිප වතාවක් ඔහුගෙන් බේරිලා යන්න හැදුවා නමුත් බැරි වුණා.. එහෙම බේරිලා ගිහින් ආයෙමත් ඇවිත් ජිවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් තිබුණා..” ඇය මාධ්‍යට එසේ කියනවා’

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!