මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන මිළද වැඩි විය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ, පසුගිය දින කිහිපයේදී ජපන් යෙන් මුදල 10% ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම නිසයි.
මේ අනුව suzuki Wagon R , සහ Vitz වැනි කුඩා වාහන වල මිළ ලක්ෂ 2 කට ආසන්න මුදලකින් ඉහල යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වුවත් පසුගිය අයවැයට අනුව වාහන වලට බඳු පැනවෙන්නේ එන්ජින් ධාරිතාවය අනුව නිසා විකුණුම් මිල වැඩි වුවද ඊට සාපේක්ෂව බඳු මුදල වැඩි වන්නේ නැහැ.
මීට පෙර වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසූවේ ජපානයේදී වාහනවල මිළ වැඩි වුවහොත් වෙන්දේසියේ මිල ඉල්ලුම පහත යන බවයි.
එසේ ඉල්ලුම පහත ගිය හොත් වාහන වල විකුණුම් මිලද පහත යන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
මේ තත්වය මත වාහන වල මිළ ඉතා ඉහළ මිලකින් වැඩි නොවන බවත් ව්‍යාපාරිකයින් මත පළ කරනවා.