Gossip

මම නැවතත් දෙව්මි වගේ චරිතයක් කරන්නෑ – නයනතාරා වික්‍රමආරච්චි

මේ ඒ වැඬේ නම් හරි යන්නෙ නෑ ඔන්න එනවාදැන් ඉතිං කියයි මුළු ඉස්කෝලෙටම ස්පීකරේනෙ….ස්පීකරේ නෙමෙයි අනේ ලවුඩ්ස්පීකරේනේ… ඒ එදා පාසලේ යහළුවො නයනතාරා වික‍්‍රමාරච්චි හැදින්වූ අන්වර්ථ නාමයයි. ඒ නම ඇයට ලැබෙන්න හේතුවකුත් තියෙනවා. හැබැයි ඒක රහසක් ඒ රහස ඇය ඔබට අනාවරණය කරයිද නොකරයිද අපි දන්නෙ නැහැ. නමුත් ඒ රහස වගේම තවත් පුංචි පුංචි අදහස් ටිකක් දැනගැනීමේ බලාපොරොත්තුවෙන් අපි ගම්පහ, වැලිවේරිය ප‍්‍රදේශයේ බොහොම නිහඩ නිස්කලංක අලංකාරවත් පරිසරයක පිහිටි ඇයගේ නිවෙස සොයා ගියා.

පසුගිය වසරේ රයිගම් සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වූ ඔබ තවත් වරක් ජනතා සම්මානයට පාත‍්‍ර වුණා. මුලින්ම ඒ ගැන කතා කරමු.
හොඳම ටෙලි නාට්‍ය නිළිිය සම ජනතා සම්මානය මටයි ෂනුද්‍රිටයි ලැබුණා. ඉතිං සතුටුයි. ජනතා හදවතේ එක දිගටම මේ විදිහට රැඳී සිටීමට හැකිවීමත් භාග්‍යයක් කියලා මට හිතෙනවා.

ජනතා ප‍්‍රසාදය දිනාගැනීම එතරම් ලේසි නැහැ. නමුත් ඔබට දෙව්මි නිසා ඒ අවස්ථාව ලැබුණා. එනිසා දිගටම දෙව්මි ලෙසින්ම රැඳීසිටීමට ද කැමැත්ත.?
නැහැ දෙවෙනි ඉනිමෙන් පසු මම නැවතත් දෙව්මි වගේ චරිතයක් කරන්නෑ.

ඒ ඇයි?
මම හිතන්නෙ චරිතයෙන් චරිතයට මම වෙනස් විය යුතුයි කියලයි.

යම් යම් අවස්ථාවන්හි ඔබ ඒ වෙනස ඔබ කළා.?
ඔව් මේ දිනවල තිරගත වන ”එක දවසක අපි” චිත‍්‍රපටයෙ චරිතය දෙව්මිගෙ වයසම වුණත් එය දෙව්මිට වඩා හුඟාක් වෙනස් චරිතයක් මගේ බලාපොරොත්තුව අන්න ඒ වෙනස මම රඟපාන හැම චරිතයක් තුළම තබාගැනීමයි. මොකද දවසක දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න මමත් කැමැතියි. ඒ නිසා රංගන ශිල්පිනියකට ඒ වෙනස අත්‍යවශ්‍යයි කියල මම හිතනවා.

ඉතාම කෙටි කාලයකින් ඔබ ජනප්‍රියම තලයට පැමිණ තිබෙනවා නේද?
මේ ජනප්‍රියත්වය තාවකාලිකයි. මට අවශ්‍ය සෑම චරිතයක්ම හොඳින් නිරූපණය කළ හැකි දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නයි. මම එකිනෙකට වෙනස් චරිත සොයමින් රංගනයේ යෙදෙන්නෙ ඒ සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික පුහුණුව ලබාගැනීම සඳහායි.

“එක දවසක අපි” චිත‍්‍රපටයෙන් පසු තිරගත වන ඔබේ අනෙක් සිනමාපට මොනවාද?
වෛද්‍ය කපිල සූරියආරච්චිගේ “සිනේ මා” අනුරුද්ධ ජයසිංහගෙ “මා” ඉදිරියේදී තිරගත වීමට තිබෙනවා.

අනුරුද්ධ ජයසිංහ ඔබ වෙනුවෙන් රංගන අවස්ථා කිහිපයක්ම ලබාදෙනවා. ඒ සඳහා ඔබ සහ ඔහු එකම පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම හේතුවෙනවද?
ඇත්තෙන්ම නැහැ. අප දෙදෙනාම සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් බව අපි දෙදෙනාම දැනගත්තෙ චිත‍්‍රපටයෙ වැඩ කටයුතු ආරම්භ කරල ටික දවසක් ගතවූ පසුවයි. හැබැයි ඒ දැන හඳුනාගැනීම නම් මට ලොකු දෙයක් විදිහටයි දැනෙන්නෙ. ඔහු අපේ පාසලේ නම තියපු බොහොම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම තවත් බොහෝ පිරිසක් සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් කලාවට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක අපිටත් අපේ පාසලටත් ආඩම්බරයක්

ඔබ වැලිවේරිය මද්දුමබණ්ඩාර මහා විද්‍යාලයේ අධ්‍යාපනයට පිවිසෙන්නෙ කුමන අවදියේදී ද?
උසස් පෙළ අධ්‍යාපනය සඳහා ඉන්පසු අර පුංචිම පුංචි කාලෙ ඉඳලම තිබුණු රංගන ශිල්පිනියක වීමේ සිහිනය පසුපස තමයි දිව්වෙ

ඒ සිහිනය දැන් සඵල වෙලාද?
ඔව් හිතුවටත් වඩා

ඊළඟට සඵල කරගන්න තිබෙන හීන මොනවද?
ජනතා හදවතේ හැමදාම රැඳෙන දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ සිහිනය තමයි සඵල කරගැනීමට තිබෙන එකම හීනය.

ඉන් එහාට ගිහින් ජීවිතය බෙදාහදාගන්න සහකාරයෙක් සොයාගැනීමේ සිහිනයක් නැද්ද?
තවම එහෙම හීනයක් නම් දැක්කෙ නැහැ. මම හිතන්නෙ දැන් මා සතුව ඇත්තේ දක්ෂ රංගන ශිල්පිනියක වීමේ සිහිනය පමණයි. දැන් මගේ එකම ඉලක්කයත් එයයි.

ඔබ ක්ෂේත‍්‍රයට පැමිණ ගෙවී ගිය වසර දෙක හමාර තුළ ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයේ යෙදී තිබෙනවා.?
ඔව්. ස්වර්ණවාහිනිියෙන් විකාශයවූ හංස පිහාටු, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ එරන්ලන්දු, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ප‍්‍රාණ ඒ අතර තියෙනවා.

දෙව්මිගෙන් පසු පුංචි තිරයේ අපි ඔබ හමුවන්නේ කුමන චරිතයකින්ද?
තවම නම් මොකුත් බාර අරගෙන නැහැ.

ඔයා ඉස්කෝලෙ යන කාලෙ පාසලේ පිරිමි ළමයිට ගහනව කියන්නෙ ඇත්තද?
ඒ ඉතින් ඉස්කෝලෙ යන කාලෙදිනෙ.

ඒ කියන්නෙ දැන් එහෙම නැහැ කියලද?
ඔව් ඉතිං ඒ කාලෙ කරපුව දැන් කරන්නෑනෙ.

එතකොට දෙවෙනි ඉනිම පිටපත් රචක සමන්ගෙන් කාටහරි ගහන්න අවස්ථාවක් දෙන්න කියල ඉල්ලූවෙ නැද්ද?
අනේ ඒව කොහොමද දන්නෙ.

ඒ කියන්නෙ කතාව ඇත්තනෙ?
ඉල්ලූව තමයි ඒත් තවම ලැබුනෙ නෑනෙ.

ඉස්කෝලෙ යන කාලෙදි හැමදාම නඩුලූ නේද?
ඔව් ඒ කාලෙ ටිකක් දඟයි.

එතකොට අර ලවුඩ්ස්පීකර් කතාව මොකක්ද?
අනේ ඒවා නම් කියන්න බැහැ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!