තෙල්දෙණිය දිගන ප්රදේශය අවට මුස්ලිම් බැතිමතුන් දිගන පාසල් ක්රීඩාංගණයකදී සිය සිකුරාදා දේවමෙහෙය සිදු කර තිබෙනවා.
එයට හේතුව වුණේ පසුගියදා ජාතිවාදී පිරිසකගේ පහර දීමෙන් ප්රදේශයේ මුස්ලිම් පල්ලි සියල්ල විනාශ වී තිබීමයි.
ප්රදේශයේ සිංහල ජාතිකයින් ද ඔවුනට මෙම අවස්ථාව සළසා දීමට බොහෝ සෙයින් වෙහෙස වී උදව් කළ බව වාර්තා වනවා.
මෙම කටයුත්ත සාමකාමීව සිදු කෙරුණු අතර එම ස්ථානයට ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශද පැමිණ සිටියා.