Gossip

ජාතික ඔලිම්පික් නිලවරණය උණුසුම්- මුල් පුටුව රොහාන් ප්‍රනාන්දුට?

ජාතික ඔලිම්පික් නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට මේ වෙනකොට සියලු කටයුතු සූදානම්.

වසර කීපයකට පසුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිලවරනයේදී සභාපතිධූර අපේක්ෂකයෙක් ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් වී සිටිනවා.

ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද රොහාන් ප්‍රනාන්දු මහතා කටයුතු කරනවා.

මින් පෙර මෙවැනි නිලවරණයක් පැවැත්වුණේ 2009 වර්ෂයේදී වන අතර එය නැවත පැවැත්වීමට නියමිතව තිබුනේ 2013 වර්ෂයේයි. නමුත් එම වර්ෂයේදී එවැනි නිළවරණයක් නොපැවත්වුණු අතර මෙවර මෙම නිලවරණය පැවැත්වෙන්නේ අවුරුදු 09කට පසුවයි.

රොහාන් ප්‍රනාන්දු මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් වන්නේ දැනට ඇති වංචා, දූෂණ සියල්ල නවතා ලාංකීය ක්‍රීඩාවේ හෙට දවස සුබවාදී කිරීමටයි.

එමෙන්ම ක්‍රීඩාවෙන් හම්බ කරන පුද්ගලයින් ක්‍රීඩාවට පැමිණීම තුළින් එහි ඉදිරි ගමනක් නොමැති බවත්, තමා මෙයට සම්බන්ධ වන්නේ කිසිදු වරදානයක් ලබා ගැනීමේ අරමුණින් නොවන බවත් ක්‍රීඩාවට ඇති කැක්කුම නිසා එවැනි තීරණයක් ගත් බව ද රොහාන් මහතා ඊයේ (21)පැවති මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කළා.

ඡන්ද හිමි ක්‍රීඩා සංගම්වලින් බහුතරයක්‌ තමා සතුව සිටින බවද නිලවරණය වෙනුවෙන් පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීද රොහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

එමෙන්ම රොහාන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවයට ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මියද සහය පළ කරනවා.

කෙසේවෙතත් සාමාජිකයන් 31 දෙනෙකුගේ ඡන්දය මෙහිදී සළකා බලන අතර බහුතර ඡන්ද හිමි අපේක්ෂකයා මෙහිදී සභාපතිධූරයට පත්වනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ නිලවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ බැඩ්මින්ටන් සංගමය සහ හොකී සංගමයෙන් මේ සඳහා ඡන්දය භාවිතා කිරීම වැරදි බවයි. නීතී උල්ලංඝනය කළහොත් මේ සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා. බැඩ්මින්ටන් සංගමය විසුරුවා හැර අලුත් කමිටුවක් පත් කර තිබෙන බවත් හොකී සංගමය මේ වනතෙක් ජාතික තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හෙට දිනයේ පැවැත්වෙන ජාතික ඔලිම්පික් නිලවරණය Olympic House Auditorium හිදී පස්වරු 06ට ආරම්භ වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!