බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන පසුගියදා හැමෝම වගේ කතා වුණා.
ඒකට හේතුව තමයි පසුගිය නිදහස්දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකට ගෙල සිදින සංඥාවක් පෙන්වීම නිසා.
මේ සිද්ධියෙන් පසුව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවන බවයි.
පසුව ජනාධිපතිවරයා විසින් නියෝග කළේ නැවතත් ඔහු සේවයේ පිහිටුවන ලෙසයි.
අද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
