ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ සිදු කරන ප්රකාශයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග තීරණය වන බව පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් දෙනා විශාල පරිවර්තනයක් වෙනුවෙන් පෙනී සිටින බවත් පවසා තිබෙනවා.
සිය පක්ෂය තනි ආණ්ඩුවක් වෙනුවට දැවැන්ත වෙනස්කම් සිදුකරමින් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද සිදුකරන ප්රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග තීරණය වන බව පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා සඳහන් කළා.
මේ වෙනකොට තිබෙන අනුව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට යාම සම්බන්ධයෙන් එම පක්ෂයේම කණ්ඩායම් වලින් විශාල විරෝධයක් තිබෙන බවත්, එජාපයේ අනාගතය පිළිබඳ පක්ෂ තුළ පුළුල් සංවාදයක් ඇතිවෙමින් තිබෙන බවත් ඔහු කියා තිබෙනවා.
චතුර සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධව පක්ෂය විසින් තීන්දුවක් ගත යුතු බවටද චතුර සේනාරත්න මහතා පවසා තිබෙනවා.
