ශ්රී ලංකා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක්රිකට් තරගය විශිෂ්ඨ හඹායාමකින් ජයගැනීමට ශ්රී ලංකාවට හැකිවුණා.
ලංකාව මේ තරගය ජයගත්තේ කඩුලු හයකින්.
194 ක ජයග්රාහී ඉලක්යක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී කඩුලු හයක් දැවී ලබාගැනීමට සමත්වුණා.
කුසල් මෙන්ඩිස් පන්දු 27 කදී ලකුණු 53 ක් රැස් කළා.
ඒ හතරේ පහර 8 ක් හා හයේ පහර 2 ක් සමඟින්.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 යි.
ජයග්රාහී ඉලක්කය හඹා ගිය තිසර සහ දසුන් පස්වැනි කඩුල්ලට ලකුණු 65 ක් රැස්කිරීමට සමත්වුණා.
තිසර ලකුණු 39 ක් රැස් කළේ පන්දු 18 කින්.
දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 42 ක් රැස් කළා.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් ලබාගත්තේ ලකුණු 193 ක් පමණයි.
මහමුදුල්ලා ලකුණු 43 යි..
මුෂ්ෆිකර් රහීම් ලකුණු 66 යි.
ජීවන් මෙන්ඩිස් කඩුලු 2 යි.
