ආණ්ඩුවේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ පැය 48 ක් ඇතුලත ජනාධිපතිවයා විසින් විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බවට වාර්තා වනවා.
මේ පිළිබඳව වත්මන් ආණ්ඩුවේ ඇමතිධුර හොබවන කිහිප දෙෙනකු විසින් ප්රකාශ කර තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන ලෙස තමන් යෝජනා කරන ලෙස හිටපු ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළා.
මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයත් තවමත් නිශ්චිත ලෙස ප්රකාශයට පත් කර නොමැති අතර ඔවුනුත් මේ ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත්වී විපක්ෂයේ අසුන් ගන්නා බවටද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
කෙසේවෙතත් ඉදිරි පැය 48 තුළදී ජනාධිපතිවරයා මේ සියලු ප්රශ්නවලට පිළිතුරු දෙනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරනවා.
