රෝසි සේනානායක කියන නම කවුරුත් දන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්රබලම සාමාජිකාවක් නිසයි.
ඇය මේ පාර කොළඹ පුරපති අසුන වෙනුවෙන් තරග බිමට පිවිසෙනවා.
රෝසි සේනානායක මහත්මිය පවසන්නේ ඉතිහාසයේ විශාලම ජයග්රහණය ලබමින් කොළඹ පුරපති අසුන තමන් හිමිකරගන්නා බවයි.
මෙතෙක් සිදුකළ මැතිවරණ සටනේදී අනෙක් සියලු අපේක්ෂකයන්ට ආදර්ශයක්ද සපයමින්, කිසිදු නීතිවිරෝධී ක්රියවක හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ කිසිදු කටයුත්තකට සම්බන්ධ වී නොමැති වීමත් විශේෂත්වයක්.
විරුද්ධවාදීන් කුමන හෝ කටයුත්තක් සිදුකර ජයග්රහණය අඩාල කිරීමට උත්සහ කළත් ඒවාට හසුනොවී පෙබරවාරි 10 වැනිදා තම වටිනා ඡන්දය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් භාවිත කරන්නැයි ඇය ඉල්ලීමක්ද කරනවා.
