ඔන්න FTT එකෙන් කාලෙකට පස්සේ ආයෙත් අමුතුම වැඩක් කරලා.
ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳිච්ච රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්.
මේ කරපු වැඩේට කිසිම සංගීත භාණ්ඩයක් යොදාගෙන නොතිබීම විශේෂත්වයක්.
ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කටහඬ යොදාගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
සංස්කරණය නොකර තනිරූප රාමුවේ රූගත කළ දර්ශනයක් වීමත් මෙහි දැකිය හැකි තවත් විශේෂත්වයක්.
මාස 05කට ආසන්න කාලයක් මේ වැඩේට ගිහින් තියෙනවා. ඒවගේම 100කට ආසන්න පිරිසක් සම්බන්ධවෙලා තියෙනවා.
4K තාක්ෂණය යොදා කරපු මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන්ට කරන උපහාරයක් විදියට
ඉතින් දේශපාලන ප්රහසනයන් කිහිපයකුත් එක්කම FTT එකෙන් කරපු මේ අලුත් වැඩේ ගැන තමයි දැන් හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ.
මේ එම වීඩියෝවයි.
