පසුගියදා නිමාවට පත්වූ ඉන්දියා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟයේදී, ඉන්දීය නායක විරාත් කෝලි පළමු ඉනිමේදී ලකුණු 5කට දැවී ගිය ශෝකයෙන් ඉන්දියාවේ රත්ලාම් දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක් සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
එහිදී බරපතල තුවාල ලැබූ අදාල පුද්ගලයා මියගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ Babubal Bairva නැමති 63 හැවිරිදි විශ්‍රාමලත් දුම්රිය සේවකයෙක්.
එරට පොලීසිය සඳහන් කර ඇත්තේ “කෝලි දැවී ගියාට පස්සේ ඔහු හුඟක් කණගාටු වී තිබෙනවා.පසුව ඔහු ළඟ තිබුණු භූමිතෙල් බොතලයක් ඔලුවේ හලාගෙන ගිනි තියාගෙන තිබෙනවා..” යනුවෙන්.
මෙම තරඟයේදී ලකුණු 72ක ජයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවූ අතර තරඟාවලියේ 1 – 0 ලෙසද ඔවුන් ඉදිරියෙන් සිටිනවා.