2017 ආසියානු සිනමා උළෙල පසුගියදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණා.
එහිදී ආසියාවේ හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ අපේ රටේ ප්රවීණ රංගන ශිල්පිණී අනෝමා ජනාදරීට හැකියාව ලැබුණා.
මෙලෙස සම්මානයට පාත්රවූයේ සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහගුන්” චිත්රපටයේ ඈ නිරූපණය කළ චරිතයටයි.
කෙසේවෙතත් එම සම්මානය ඇයට හිමි නොවූ බව කියමින් ඈ සිදු කළ චෝදනාවක්ද පසුගිය දිනවල කතාබහට ලක්වුණා.
කෙසේවෙතත් ඇයට උපහාර පිදීම සහ එම සම්මානය පිරිනැමීමේ උත්සවය”සිනමානෝමා” තේමාව කරගනිමින් ඉකුත්දා බත්තරමුල්ල වෝටර්ස් එඡ් හෝටලයේදී පැවැත්වුණා.
කලාකරුවන් ප්රභූවරුන් සහ අනෝමාට ආදරය කරන රසික රසිකාවියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේදී ප්රවීණ රංගණවේදිනී අනෝමා ජනාදරීට සම්මානය පිරිණැමීම විශේෂත්වයක්.
