දැන් ගොඩක් දෙනෙක්ගේ අතේ වැඩිපුරම දකින්නට ලැබෙන දුරකතනය තමයි iPhone එක කියලා කියන්නේ.
හැබැයි අපි මේ කියන්න යන කතාවනම් iPhone භාවිතා කරන අයට සතුටුදායක කතාවක්නම් නෙවෙයි.
iPhoneවල තියෙන ගුණාත්මක භාවය නිසා තමයි මේකට වෙළඳපලේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ.
ඒත් ඇපල් සමාගමට ලොකු චෝදනාවක් මේ වෙද්දි එල්ලවෙලා තියෙනවා. ඒ හිතාමතාම පැරණි iPhone මාදිලිවල ක්රියාකාරීත්වය අඩු කරලා තියෙනවා කියලා.
කොහොමවුනත් ඇපල් සමාගම මේ චෝදනාව ප්රතික්ෂේප කරලා තිබ්බත් අන්තිමට ඔවුන් වරද පිළිඅරන් තියෙනවා. ඒ වගේම ඇපල් සමාගම පාරිභෝගිකයන්ගෙන් මේ වෙනුවෙන් සමාව අරන් තියෙනවා.
කොහොම වුනත් ඇපල් සමාගම කිව්වේ ක්රියාකාරීත්වය අඩුවුන දුරකතවල බැටරිය මාරු කරනවා කියලා.
එ් වගේම 2018 අලුත් මෘදුකාංගයත් නිකුත් කරනවා කියලා ඔවුන් කියනවා. මෙමගින් පාරිභෝගිකයන්ට තමන්ගේ දුරකතනවල බැටරි තත්වය පරීක්ෂා කර ගන්න හැකියාව ලැබෙනවාලු.
කොහොමවුනත් ඇපල් සමාගම මේ වරදින් බේරෙන්න නිදහසට කාරණයකුත් කිව්වා. සමහර iPhone වල ක්රියාකාරීත්වය අඩු කලේ එ්වගේ ජීව කාලය වැඩි කරන්නලු.
