මුහුණුපොත නිසා කාලෙන් කාලෙට විවිධ දේවල් කරළියට එනවා.
මේ මුහුණුපොත නිසා ජනප්‍රිය තරු වෙන්න ලැබුණු පුද්ගලයෝ ගැනත් ඔබ අහලා දැකලා ඇති.
මේ කියන්න යන්නෙත් මුහුණුපොත නිසා ලොකු කතාබහක් ඇති කළ අපූරු හැකියාවක් ගැනයි.
පසුගිය දවසක හරි අපූරු ලේලන්ඩ් බස් එකක ඡායාරූප කිහිපයක් හුවමාරු වුණා.
හුඟක් අය මේකට රැවටුණේ ඒ ඇත්තම බස් එකක් කියලයි.
හැබැයි ඒක 25 හැවිරිදි තරුණයෙකු විසින් හදපු ලේලන්ඩ් බස් රථයක අනුරුවක්.
ඇඹිලිපිටිය පදලංගල පැත්තේ ජීවත්වන රන්දික ලක්ෂාන් අබේදීර තමයි සීට් 54 මේ ලේලන්ඩ් බස් රථයේ අනුරුව හදලා තිබුණේ.
භාහිර පෙනුමට සැබවින්ම සමාන විදිහට හදපු මේ අනුරුව සෙන්ටිමීටර් 27 ක් උස, සෙන්ටිමීටර් 110 ක් පමණ දිගින් යුක්තයි.
මෙයට අඩු එංජිමක් විතරයි.
විදුලි පද්ධතිය වගේම බස් රථයක ඇති සෑම දෙයක්ම මේ බස් රථයේ සවි කරලා තියෙනවා.
රන්දික අධ්‍යාපනය ලබා තිබුණේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන්.
ඇලුමිනියම් යකඩ තහඩු, ෆ්ලයිවුඩ්, ලී පටි මෙන්ම සිලිකන්ද යොදාගෙන මෙම අපූරු නිර්මාණය සාදා තිබෙනවා.
මේ ගැන වෙබ් ගොසිප් අපි රන්දිකගෙන් ඇහුවම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
මම පොඩි කාලේ ඉඳන් බස්වලට කැමතියි.
මම ඉස්සෙල්ලම බස් රථයේ අනුරුවක් හදන්න උත්සහ කළේ ඉස්කෝලේ අට වසරේ ඉගෙන ගද්දි.
ඒ හැදුවේ ප්‍රදර්ශනයකට.
ඒත් ලයිට් එහෙම දාන්න බැරිවුණා. මගේ වයසත් එක්ක මම හැදුවා කිව්වම හුඟක් අය ඒක විශ්වාස කළේ නෑ.
මට යාළුවෝ කියන්නේ බස් රන්දික කියලා.
මේ විදිහට හොඳ තත්ත්වයකට එන්න ඕනේ කියලා මට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒත් ඉගෙනීම නිසා ඒ දේවල් කරගන්න බැරිවුණා.
උසස් පෙළ කරලා රස්සාවක් කරන අතරතුරයි අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගෙන මේ නිර්මාණය කළේ.
