Whatsapp බොහෝ දෙනෙක් භාවිත කරන සමාජජාල මාධ්‍යයක්.
හැමෝම වගේ Whatsapp භාවිත කළත් 2018 නව අවුරුද්ද උදාවීමත් සමඟ එය භාවිත කිරීම අවම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උදෑසන 7.30 පමණ වනතෙක් Whatsapp හරහා පණිවුඩ යැවීම අඩපණ වීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජපානය, පැනමාව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය සහ කටාර් ඇතුළු රටවල් කිහිපයකට තවමත් Whatsapp හරහා පණිවුඩ යැවීම හා සම්බන්ධවීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් Whatsapp ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙන්නේ මෙය නැවතත් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
ගෝලීය ඇනහිටීම මෙයට හේතුවක් බවයි වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.
