පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු කෙනෙක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ.
පසුගිය දවස්වල රිතූ ගැන විවිධ පුවත් හුවමාරු වුණා.
රිතූගේ ආදරය ගැනත් අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.
රිතුට රංගන දිවියේ ආරම්භයේ සිට මේ දක්‌වා පෙම්වතිය වෙන්න බොහෝ අවස්‌ථා උදාවෙන්න ඇති නේද?
ඔව්. මම ඉස්‌සෙල්ලම රඟපාන්නෙ පෙම්වතියගේ චරිතයක්. එදා කැමරාව ඉදිරියේ මගේ පෙම්වතා වුණේ සහන් වික්‍රමසිංහ.
ඊට පස්‌සෙත් මට කැමරාව ඉදිරියේ පෙම්වතිය වෙන්න බෙහෝ අවස්‌ථා ලැබුණා.
නමුත් මම පෙම්වතියගේ චරිතයේම නැවතුණේ නැහැ. විවිධ චරිත කළා. මම කැමැති පෙම්වතියගෙන් වෙනස් චරිත කරන්නයි. ඒ තුළින් අපිට අපේ රංගන හැකියාවන් මතුකර පෙන්වන්න පුළුවන්. ඇත්තම කියනව නම් පෙම්වතියගේ චරිතය ලැබුණම රංගනයෙන් කරන්න විශේෂ දෙයක් නැහැ.
රිතූ පවසන්නේ කැමරාව ඉදිරියේ පෙම්කරන එක පහසු දෙයක් කියලාද ?
ඔව් ඒක සාමාන්‍යයි. මගේ වයසත් එක්‌ක ගත්තහම සහ එදිනෙදා ජීවිතයේ මොනතරම් පෙම්වතුන් අපි දකිනවද. ඒ නිසා පෙම්වතියගේ චරිතය පහසු දෙයක්.
තිරයේ පෙම්වතා වෙන්න කැමැතිම නළුවා කවුද?
අනිත් පැත්තේ නළුවා ගැන මට අදාළ නැහැ. මම හිතාගන්නව මගේ චරිතය හරියට කරන්න ඕනෑ කියලා. එතැනදී අරය හොදයි මෙයා හොදයි කියල මම හිතන්නේ නැහැ. රගපාන්න මට ලැබෙන නළුවත් සමග කතාබහ කරල චරිතය ගොඩනඟා ගන්නවා.
පාසල් සමයේ රිතූ කියන්නේ අවිහිංසක පෙම්බර චරිතයක්‌ද?
පාසල් වියේ මම අහිංසකාවියක් නෙවෙයි. කෙනෙක් දෙයක් සැරකරල යමක් කිව්වොත් මම කවදාවත් ඒක අහන කෙනෙක් නෙවෙයි.
හැබැයි මම ඒ කාලෙ අහිංසකාවියක් නොවුනට නපුරු ළමයෙකුත් නෙවෙයි. මම වඩාත් ලැදි වුණේ ක්‍රීඩාවට. කලාවට කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ ළග තිබුණේ ක්‍රිඩාශීලී ගතිපැවතුම් වෙන්නැති.
ඒ කාලෙ පිරිමි ළමයි රිතූට ආදර යෝජනා ගේන්නත් බයවුණාද?
එදා වගේම අදටත් මට ආදර යෝජනා වැඩියෙන් ලැබෙන කෙනෙක් නෙවෙයි.
පාසල් වියේ ප්‍රේමයේ රසමිහිර රිතූට අහිමි වුණාද?
නැහැ. මම උසස් පෙළ පන්තියේදී පෙම්වතියක් වෙනවා. එයා මගේ වයසේම පිරිමි ළමයෙක්. පාසලෙන් අයින් වෙලා ටික කාලයක් යද්දි අපිට තේරුම් යනවා ඒවා පවත්වාගෙන යන්න බැහැ කියලා. මොකද ඉස්‌සර කාලේ නම් ඉස්‌කොලෙන් අයින් වුණ ගමන් විවාහ වෙන්නයි යුවතියන් හීන මවන්නේ. ඒත් අද යුවතියන් උත්සාහ කරන්නෙ හැකිතරම් විවාහය කල්දමමින් තමන් සිටින ක්‍ෂේත්‍ර තුල ඉදිරියට යන්නයි. ඉතින් මගේ වෘත්තීය අරමුණුත් එක්‌ක ඒ ආදරය මැකී යනවා.
අද වෙද්දි රිතූගෙ දවස ගෙවෙන්නෙ ආදරයත් එක්‌කද ?
උදේ පාන්දර ගෙදරින් යනවා. ආපහු රූපගත කිරීම් ඉවරවෙලා ගෙදර එනවා කනවා බොනවා නිදාගන්නවා.
පහුවදා ඇහැරිලා නැවත වැඩට යනවා. මේ කාර්යබහුල ජීවිතයත් එක්‌ක මට බාහිර සමාජයත් එක්‌ක ගැටෙන්න තියෙන කාලය අඩුයි. යළුවො ඇසුරු කරන්න එළිමහනේ ගමන් යන්න ලැබෙන කාලය අඩුනිසා මට විවිධ සම්බන්ධතා ගොඩනඟාගන්න ලැබෙන අවස්‌ථා නැති තරම්.
ආදරයක සුවඳ රිතුගේ ජීවිතය නොවිදින බවද ඔබ පවසන්නේ ?
ආදර ජීවිතයට අවශ්‍ය නැහැ කියල මම හිතන්නේ නැහැ. ආදරය කියන්නෙ අපේ ජීවිතයේ අත්දැකීම් එක්‌ක එක්‌තරා අත්දැකීමක්.
අපි ආදරය කරන්න ඕනෑ ඒ ආදරයත් එක්‌ක සතුටු වෙන්න ඕනෑ දුක් විඳින්න ඕනෑ. නමුත් අපිට කියන්න බැහැ අපිට ඕන කොයිවගේ කෙනෙක්‌ද මොනවගේ ක්‌ෂෙත්‍රයක කෙනෙක්‌ද මොනවගේ ආදරක්‌ද කියලා. ඒක ඒ වෙලාවට තමයි දැනෙන්නෙ. ආදරය කියන්නෙ හැඟීමක්.
මේ වෙනකොට ආදර සුළගක් රිතූගේ දිවිය සිසාරා හඹා යමින් පවතිනවද ?
අපි ආදරය විදින්න ඕනෑ. කෙනෙක් ආදරයක් විදිනවා කියන එක අරුමැසි කාරණයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.
රිතූ ඔබගේ ආදරයෙන් පතන්නේ කුමක්‌ද?
ආදරයෙන් මම බලාපොරොත්තු වෙන්නෙ සතුට සහ නිදහස.
මම කැමැති නැහැ ආදරය නිසා පසුතැවිතැවී දුක්‌වෙවී ඉන්න. මාව තේරුම් අරගෙන මගේ වැඩවලට උදව් කරමින් එයාගෙ වැඩත් කරගෙන අපේ ජීවිතවල සතුට පවත්වාගෙන යන එක තමයි ආදරයෙන් මම ප්‍රාර්ථනා කරන්නේ.
කලා ලෝකයේමද රිතූගේ මේ ආදරය සැරිසරන්නෙත්?
මම වැඩ කරන තැනයි මගේ පෞද්ගලික ජීවිතයයි කිසිවිටක පටලව ගන්නේ නැහැ.
කිසිම නළුවෙක් එක්‌ක මම කිසිම සම්බන්ධයක් පවත්වගෙන යන්නේ නැහැ. කලාව කියන්නෙ වෘත්තිය. එතැන මම ආදරය කරන්න තෝරගන්නේ නැහැ.
ආදරය නිසා රිතූට ලැබුණු සොඳුරුබර තිළිණය ?
මගේ උපන්දිනයට අත්පළඳනාවක් ලැබුණා. ඒක මට හරියට වටිනවා. මම ඒ තෑග්ගට ආදරෙයි.
රිතූ අද වෙද්දි ආදරයක වගේම සොදුරු පතිකුළයෙත් සිහින දකින්නියක්‌ද ?
ආදරය කරන දෙන්නෙක් අනිවාර්යෙන්ම විවාහ වෙන්න ඕනෑ කියල මම හිතන්නේ නැහැ.
පළමුව ආදරයක් පටන් අරන් ඒ ආදරය විදින්න ඕනෑ. ඒ ආදරය පවත්වාගෙන ඉදිරියට යද්දී තමයි අපිට තේරුම් යන්නේ ඒ ආදරය ගැන ගන්න ඕන ඉදිරි තීරණය මොනවගේද කියලා.
මොකද ආදරය කරද්දි දෙන්නෙක් එක් වෙනවා වගේම නොගැළපීම් වටහාගෙන වෙන්වෙලා යන්නත් පුළුවන්.
ආදරයක් පටන් ගත්තට පස්‌සෙ මොන නොගැළපීම තිබුණත් ඒ ආදරය විවාහයකින් කෙළවර කරගන්න ඕනෑ කියල හිතනවා නම් ඒක අනුවණ කමක්‌නේ. මම ඉන්නෙ මගේ ආදරයේ මුල් අදියරේ ඒ ආදරයේ ඉදිරිය කාලයත් සමගයි තීරණය වෙන්නෙ.
