Gossip

ක්‍රිකට් ඉතිහාස පොත් වෙනස් කළ ලසිත් මාලිංග ක්‍රිකට් දිවියට සමුදෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා..

කෙසේවෙතත් ලසිත් මාලිංග පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියව සමඟ පැවැති 20යි 20 ජාත්‍යන්තර තරඟයෙන් පසු මේ දක්වාත් කිසිදු ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර නැහැ.

එළඹෙන බංග්ලාදේශ තරඟාවලිය සදහාද ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි ලසිත් මාලිංග මේ දක්වා එක්දින ජාත්යින්තර තරඟ 204කට ක්‍රීඩා කර ඇති අතර එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 301 ක්.

ටෙස්ට් තරඟ 30කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදීද කඩුලු 101ක් දවාගෙන තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!