Gossip

අඩි 60ක ප්‍රපාතයකින් පෙරලී සිදුවූ රිය අනතුරින් අවදානම් තත්වයේ සිටි ජින්ජර්ගේ දැන් තත්වය මෙන්න – ඡායාරූප සහිතයි -Exclusive

ජනප්‍රිය ගායිකා ජින්ජර් ගමන් ගත් වාහනය ඊයේ උදෑසනදී දෙණියාය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට යමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ.

දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

කෙසේවෙතත් අනතුර සිදුවූ අවස්ථාවේ ජින්ජර් ඇතුළු සිව්දෙනා දෙණියාය රෝහලට ඇතුලත් කළ අතර තත්වය බරපතල වූ නිසා ජින්ජර් මාතර මහරෝහල වෙත මාරු කර යැවුණා.

කෙසේවෙතත් වෙබ්ගොසිප් අප ජින්ජර්ගේ වත්මන් තත්වය පිළිබඳව විමසීමට මාතර මහරෝහල ඇමතූ අවස්ථාවේ එහි රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළේ ජින්ජර් ගේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

ඇගේ වම්පාදයට ශල්‍යකර්මයක් කළ බවත් මේවන විට අවදානම් තත්වය පහව ගොස් ඇති බවත් අදාළ රෝහල් ප්‍රකාශිකාව සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!