දුලීකා මාරපන කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.
ඉතින් මේ දිනවල ඇය ගැන කටකතාවක් සමාජජාල මාධ්‍යයන් පුරා පැතිරෙමින් තියෙනවා.
ඒ දුලීකා මාරපන රංගන ශිල්පී තිලක් කුමාරට පහර දී ඇති බවටයි. දුලීකා මාරපනගේ පහරකෑමට ලක් වීම නිසා තිලක් කුමාර රංගන ශිල්පියා අත පැළඳ සිටි ඔරලෝසුව ද කැඩී විසිව ගොස් තිබෙන බවටද එහි සඳහන් වුණා.
කෙසේවෙතත් මේ සිද්ධිය ඇත්ත සිදුවීමක් නොව මේ දිනවල විකාශය වන නාට්‍යයක රූගත කළ කොටසක් බවටයි වාර්තා වුණේ.
මේකට දුලීකා වුනත් කියලා තිබ්බේ මෙහෙම කතාවක්.
“මම පුරුෂ පක්ෂයට අත උස්සන්න හරිම අකමැතියි. ඒත් අකමැත්තෙන් වුණත් ඒ දර්ශනය මට කරන්න සිදු වුණා”
කෙසේවෙතත් තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඒ චරිතය වෙනුවෙන් කැපකිරීම් පවා කරන කෙනෙක් තමයි දුලීකා මාරපන කියලා කියන්නේ.
