ලංකාවට පසුගිය දවස්වල ආපු සුපිිරි මෝටර් රථ කිහිපයක් ගැනම ලොකු අවධානයක් යොමුවුණා.
ඒ විදිහට හිතාගන්නවත් බැරි වටිනාකමකින් යුත් සුපිරි මෝටර් රථයක් ආයෙමත් අපේ රටට ඇවිත් තියෙනවා.
මේ සුපිරි මෝටර් රථය ලංකාවට ගෙන්වලා තියෙන්නේ හෝටල් සමූහයකට හිමිකම් කියන ඇවෙන්රා සමාගමෙන් කියලා තමයි ආරංචි පැතිරෙන්නේ.
ෆෙරාරි 488 Spyder මෝටර් රථයක් තමයි ඒ විදිහට ගෙන්වලා තියෙන්නේ.
ස්පෝට්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන මෙයට තප්පර 10ක් වගේ කාලෙකදී කිලෝමීටර් 100ක උපරිම වේගයක් ලබාගන්න පුලුවන්.
තවත් සුවිශේෂි අංග රාශියක් තියන මේ මෝටර් රථයේ සමන්විත වෙනවා.
ඒ වගේම තමයි මෙහි වටිනාකමත්.
ලංකාවේ මුදලින් බදුත් එකතුව රුපියල් මිලියන 100ක් එහෙමත් නැතිනම් රුපියල් ලක්ෂ 1000ක් කියලා තමයි වාර්තා වෙන්නේ.
මේ තමයි ඒ වාහනේ ඡායාරූප එකතුව….




