අම්පාර කල්මුණේ ප්‍රදේශයේ ඊයේ දිනයේදී හදිසියේම මුහුදේ ජලය අඩුවීම නිසා ප්‍රදේශයේ ජනතාව සුනාමි තත්වයක් යැයි බියවී නිවාසවලින් ඉවත්ව ගොස් තිබුණා.
එමෙන්ම පාසල්වල දරුවන්ද දෙමාපියන් විසින් රැගෙන ගොස් තිබූ අතර වෙරළ ආසන්නයේ ඇති රජයේ කාර්යාල වසා දමා ඇති අතර වෙරළ ආසන්නයේ ඇති රෝහල් වල සිටින රොගින්ද ඉවත් කර තිබුණා.
කෙසේවෙතත් මෙම සිද්වීමත් සමග ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ කිසිදු ආකාරයේ සුනාමි තත්වයක් ඇති නොවන බවයි. එසේම ඉදිරියටත් ඇතැම් අය කරන ප්‍රකාශයන්වලට නොරැවටෙන ලෙසද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඕනෑම අවස්ථාවක එවැනි තත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදුකිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරතුරුව අවධානයෙන් පසුවන බවද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසා තිබෙනවා.
මේ එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ විශේෂ ප්‍රකාශයයි.
