දින කිහිපයකට පෙර අවසන් වූ ශ්රි ලංකා පාකිස්ථාන එක් දින හා T-20 තරග අවසන් වූයේ ශ්රි ලංකා කණ්ඩායමට අන්ත පරාජයක් ගෙන දෙමිනි.
නමුත් ශ්රි ලංකා කණ්ඩායම ඔවුන් ටෙස්ට් තරගාවලිය විශිෂ්ඨ ලෙස ජයග්රහනය කිරීමට සමත් විය.
ලාහෝර් නගරයේදී මීට වසර කිහිපයකට ශ්රි ලංකා කණ්ඩායමට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරයත් සමග පාකිස්ථාන තරග සංචාර සියලුම රටවල් ප්රතික්ෂේප කලේය.
ලාහෝර් ප්රහාරය ලෝකයේ සියලුම නාලිකා තමන්ගෙ ප්රධාන පුවත ලෙස වාර්තා කල අතර ත්රස්තවාදින් ක්රිඩකයන්ට පහර දීම සියලුම තරයේ හෙලා දැක්කේය.
ශ්රි ලංකා ක්රිකට් සභාපති තිලංග සුමති පාල මහතා ලාහෝර් නගරයේ ගඩාෆි පිටියෙ මෙම සංචාරය සදහා අනුමැතිය දුන්නද ජේෂ්ඨ ක්රිඩකයන් එයට අකමැත්ත ප්රකාශ කිරීම නිසා නවකයන්ගෙන් යුත් කණ්ඩායමක් එම තරග සදහා නම් කලේය.
නැවතත් තවත් පාකිස්ථාන තරගාවලියක් සදහා ක්රිකට් කණ්ඩායම් දෙකක් යැවීමට ක්රිඩා සභාපති අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.
නමුත් ගැටලුව නම් ,දිගින් දිගටම අසාර්ථක වන ශ්රි ලංකා කණ්ඩායමේ දක්ෂතා ඔප්නැම් වීමට කටයුතු සිදු නොකර පාකිස්ථානයේ ක්රිකට් නැංවීමට මෙතරම් කැප කිරීම් සිදු කරන්නෙ ඇයි ද යන්නය.
මේ සියල්ල සිදු වන්නේ ක්රිඩකයන්ගේ අකමැත්තද සමගින්ය.
ක්රිඩා ලෝලින්ගෙ අපේක්ෂාවද ජයග්රහන ලබන කැපී පෙනෙන දක්ෂතා දක්වන අපේ ක්රිකට් කවදා නම්
පෙර තිබුණ තත්වයට පත්වේද යන්නය.
