තමන්ගේ ශරීරයේ ලස්සන පෙන්නන්න උත්සාහ කරපු තරුණයෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.
ඒත් මොහු අමුතුම විදියකට තමයි තමන්ගේ ශරීරයේ ලස්සන පෙන්නන්න උත්සාහ කරලා තියෙන්නේ.
ඊයේ දහවල් කාලයේදී මෙම තරුණයා නුගේගොඩ පාලම අසල ඇති බස් නැවතුමට තුවායක් පමණක් ඇඳගෙන ඇවිත් තමයි තමන්ගේ ශරීරයේ ලස්සන පෙන්නන්න හදලා තියෙන්නේ.
ජනාකීර්ණ වේලාවක කොළඹ කොටුව දෙසට ගමන් කළ බස් රථයකට නැග ඇති මෙම තරුණයා බසය තුලදී තවත් තරුණයන් පිරිසක් සමග බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.
මේ සිදුවීම දුටු තරුණයන් පිරිසක් ඔහුට දැඩි විරෝධයක් දක්වා තිබෙන අතර ගැහැණු ළමයි බසයේ සිටින නිසා බසයෙන් බහින ලෙසට කියා තිබෙනවා.
තුවාය ඇඳ සිටි තරුණයා එවිට කියා ඇත්තේ තමුන්ට කැමති ලෙස පාරේ යෑමට අයිතියක් ඇති බව හා උඩුකය පමණක් නිරුවත් වීම කාටවත් බාදාවක් නොවන බවයි.
එමෙන්ම තමුන්ගේ ඇග ලස්සන නිසා රෙදි වලින් වහ ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් තර්ක කර තිබෙනවා.
කෙසේවෙතත් දැඩි විරෝදය මැද්දේ තරුණයා බසයෙන් බැස ගොස් තිබෙනවා.
