Gossip

දසුන් මගේ යාලුවෙක් කියලා පෙන්නන්න පුලුවන් හොදම සාක්කිය කලින් ගහපු selfy කියල හිතන්නත් ඇති. ඇයි මල්ලි .. මචං උඹට බැරි උනේ ජීවිතේ ලස්සනට හදා ගන්න ?

නවක නළු දසුන් නිෂාන්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ කතා රැසක් මැවෙමින් පවතිනවා. නමුත් බොහෝ දෙනෙකු පවසන්නේ මරණයෙන් පසුව ඔහුට හෝ ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් කටකතා මැවීමෙන් පළක් නොවන බවයි. මේ වන විටත් ඔහු අප සැමගෙන් සමුගෙන ගොස් අවසන්. ඒ නිසාවෙන් මරණය විකුණමින් වින්දනයක් නොලබන ලෙස ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන ඔහුගේ ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එක්කරමින් පවසා සිටියේ මෙලෙසින්…..

දස්සා selfy ගොඩක් ගහල ගියා.

දසුන් ගැන සටහනක් ලියන්න හිතුවෙ හැමෝම දසුන් ගැන ශෝක ප්‍රකාශ නිකුත් කරන නිසාවත් දසුන් එක්ක ගත්තු selfy දාන නිසාවත් නෙවෙයි. ආයෙ කවදාවත් දසුන් ගැන ලියන්න, කතා කරන්න මට අවස්ථාවක් නොඑන නිසා. ඊයෙ දසුන් සිය දිවිය අවසන් කරා කියල අහපු ගමන් මං ගියා දසුන්ව බලන්න. එතකොට දසුන් ගිහින් පැයක් විතර ඇති. දසුන් දැක්ක ගමන් මට මතක් උනේ ඌ අපේක්ෂා ටෙලි නාට්‍යයේ මගේ මස්සිනා හැටියට මුලින්ම රගපාන්න ආපු දවස. එදා ඉදං අයියෙ .. මචං .. උඹ කියාගෙන අවුරුදු ගානක් ඇතුලෙ දසුන් නලු ජීවිතය ලස්සනට හදා ගත්ත. ඒත් ඇයි මල්ලි .. මචං උඹට බැරි උනේ ජීවිතේ ලස්සනට හදා ගන්න?

නලුවෙක්ගේ උත්කර්ෂය මේක නෙවෙයි. ජීවිතේ අත හරින්න හිතුන එකම කෙනා දසුන් නෙවෙයි. උඹට මට අපි හැමෝටම හිතිල ඇති දැං හිටිය ඇති කියල. ආදරේ කරල ඇති උඹ උඹට ලං වෙන්න බැරි තරං උසකට. “ඒ එකක්වත් නෙවෙයි උත්කර්ෂය. ගහගෙන මරාගෙන හරි ජීවත් වෙමු.” මේ ටික මට ඌට කියන්න තිබ්බ. එත් මං යනකොට දසුන් ගිහිං.

දසුන්ට ආදරේ කරපු උන් එක එක විදියට ආව දසුන්ව බලන්න. සමහර Fans ලා දසුන්ව බලල දුක් උනා, පුදුම උනා. සමහරු හිනා වෙවී ආව. ඒ අයට මේක තවත් ටෙලි නාට්‍යක් වගේ ඇති.

ඒත් ගොඩක් එවුන් shock. ඒ ඇත්තටම උගේ යාලුවො. ඒත් එකෙක්වත් එතන selfy ගැහුවෙ නෑ. ඒත් එතන්ට ආවෙ නැති අය fb පුරාවට දසුන් එක්ක ගත්තු selfy දදා බලාපොරොත්තු උනේ මොකද්ද කියල මට තේරුනේ නෑ. එක්කො ඒක වෙන්න ඇති style එක. Trend එක. නැත්තං ඒ අයට දුක ඇති මේ වෙලාවෙ එතන්ට එන්න බැරි උන එකට. “දසුන් මගේ යාලුවෙක්” කියල පෙන්නන්න පුලුවන් හොදම සාක්කිය කලින් ගහපු selfy කියල හිතන්නත් ඇති. කොහොම උනත් දසුන් හැමොගෙම යාලුවෙක්. ඒකනං ඇත්ත.

දැං බුකියෙ news හදන අයටනං දසුන්ගෙ මරනය මාර market.. දසුන් මාසෙකට කලින් fb ලියපුව, ගත්තු selfy , මැරෙන්න කලින් ලියපු ලියුම, මැරෙන හැටි vdo කරපුව, මේ මරනය පසුපස කතාව…. යනාදි නොයෙක් සිරස්තල එක්ක දසුන්ව අන්තිම පාරට market කරන්න පුලුවං දැං. මේ හැම දේකම ඇත්‍ත version එක ගැන දන්න නිසා මට දුකයි. දසුන් ගැන.

දසුන් උඹ මේ system එකෙන් අයින් උනා. හැමෝම උඹට බැන්නත්, වැරදි කිව්වත් හොද කිව්වත් දැං දස්ස නෑ.
අපේක්ෂා එකේ රගපාන්න ආපු දවසෙ ඉදං 22වෙනිදා අපි අන්තිමට ගත්තු selfy එක දක්වා මං උඹව බලං හිටිය දසුන්. උඹ ගොඩක් වෙනස් උනා. ඒත් අන්තිමට අපේක්ෂා භංගත්වයට පත් වෙලා උඹ යන්නම යන වෙලාවෙත් මං උඹදිහා බලං ඉන්නව.

ආයෙ කවදාවත් දසුන් නිශාන් අපිට හමුවන්නේ නැද්ද.. නෑ. අපි ආයෙ හමුවෙනව. දැංම නෙවෙයි. ටික කාලෙකට පස්සෙ ආයෙ හමුවෙමු. අපේ නම, හැඩහුරුකම් වෙනස් උනත් අපිට අදුන ගන්න පුලුවං වෙයි. හරියට එදා අදුන ගත්ත වගේ. එතකං කොහේ හරි පරිස්සමින් හිටපං…

මරනය තාවකාලික සමුගැනීමක් විතරයි.
මරනයෙන් සියල්ල අවසන් වන්නේ නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!