Gossip

තැන තැන කියවලා වැඩක් නෑ, පුලුවන්නම් ඔප්පු කරන්න – හිටපු ක්‍රීඩකයෙකුට තරංග, චන්දි ඇතුළු ක්‍රීඩකයින් 40කගේ අත්සනින් විශේෂ ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දී ඇති බවට වාර්තා වෙනවා.

මෙම ලිපිය මඟින් ඔවුන් පවසා ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩකයන්ට චෝදනා කරමින් පසුගිය ඉන්දීය සංචාරය පිළිබඳව කළ ප්‍රකාශයක අඩංගු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ හිටපු වේගපන්දු ක්‍රීඩකයකු හා තේරීම් කමිටු සාමාජිකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෑතකදී මාධ්‍යකට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙනුයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව වන ලිපිය භාර දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලි ද සිල්වා වෙතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම “අස්වාභාවික ලෙස තරග පරාජය” වන බවටත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය ඔස්සේ කණ්ඩායම වෙත චෝදනා එල්ල කර සිටියා. නමුත් ඔහු මෙම චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් හෝ ක්‍රීඩකයන් කවුරුන්දැයි ඔහු හෙළිකර තිබුණේ නැහැ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් එල්ල කරනු ලැබූ චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බව වන අතර ඒ නිසාවෙන් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකරන ලෙසත් එම පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!