කිඹුලන්ගේ ප්‍රහාර ගැන පසුගිය දවස්වල සුලභව අහන්න දකින්න ලැබුණා.
මේ වගේ සිද්ධියක් පානම හැඩ ඔය කලපුව අසළදීත් වෙලා.
එහෙත් මෙලෙස කිඹුල් ප්‍රහාරයකට ලක්වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකුයි.
මිතුරන් පිරිසක් එක්ක ලංකාවේ සංචාරයකට තමයි මේ මාධ්‍යවේදියා ඇවිත් තියෙන්නේ.
මෙහෙම මියගිහින් තියෙන්නේ ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතේ සේවය කළ 24 හැවිරිදි පෝල් මැක්ලීන් තරුණයෙක්.
සිද්ධිය ඇසින් දුටු කෙනෙක් පවසා ඇත්තේ කිඹුලෙකු විසින් ඔහුව එක්වරම ඇදගෙන ගියා කියලයි.
‘මේ කලපුවේ හුඟක් කිඹුලෝ ඉන්නවා.කිඹුලෙක් ඔහුව එක්වරම දිය යටට ඇදගෙන යනවා මිනිස්සු දැකලා තියනවා.ඔවුන් තවමත් ඔහුගේ සිරුර සොයනවා.ඒත් හමුවෙලා නෑ‘ යනුවෙන්ද ඒ පුද්ගලයා කියලා තියෙනවා.
ඒ වගේම මියගිය පෝල් මැක්ක්ලීන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ උපාධිධාරියෙකුද වනවා.