හොලිවුඩ් පුරවරයේ පසුගියදා පැවති ඔස්කාර් සමාන උළෙලේදී ‘බර්ඩ්මෑන්’ (“Birdman”) චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.
‘බර්ඩ්මෑන්’ අධ්යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් ගේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්යක්ෂ ඇතුළු සම්මාන හිමි වීම උළෙලේ කැපී පෙනුණ සිදුවීමක්.
සම්මාන පිළිගනිමින් දේශනය පැවැත්වූ මෙක්සිකානු ජාතික අධ්යක්ෂවරයා, සංක්‍රමණික ජනතාව ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදුන් දායකත්වයට සිය ප්‍රණාමය පුද කළේය.
“The Theory of Everything” චිත්‍රපටයේ විද්‍යාඥ ස්ටීවන් හෝ කින්ස්ගේ චරිතයට රිදී තිරයේ පණ පෙවූ බ්‍රිතාන්‍ය ජාතික එඩී රෙඩ්මේන් හොඳම නළුවා සම්මානයෙන් පුද ලැබූ අතර, “Still Alice” වයෝවෘද්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරියකගේ චරිතය නිරූපණය කළ ජුලියන් මුවර්ට හොඳම නිළිය සම්මානය හිමි විය.
ඔස්කාර් සම්මාන රාත්‍රිය පසුගිය දින ඉතා මනරම් අයුරින් පැවති අතර ඒ සඳහා හොලිවුඩයේ නිළියන් නොයෙකුත් ආකාරයේ විලාසිතා සමගින් පැමිණි තිබුණා.
එම විලාසිතා කිහිපයක් පහතින්.
