Gossip

සතියක එකහමාරක විතර කාලයක් තමයි අපි දුරස්වෙලා ඉන්නේ, ලැබෙන හැම අවස්ථාවෙම ඇය මං ළඟින් ඉන්නවා

අමිල අබේසේකර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නළුවෙක්.

ඔහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.

කොහොමද ජීවිතේ?

පහුගිය දින ටිකේ නම් ගොඩක් කාර්යබහුලවයි ජීවිතේ ගෙවුණේ.දැන් ආයෙත් සතියක දෙකක විතර නිදහසක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිදහසත් එක්ක සතුටින් හොඳින් ඉන්නවා.

මොනවද මේ දවස්වල කරන්නේ?

තුරුම්පු ආසියා, ඇත්තයි මේ ආදරේ සහ සොඳුරු සහ සොඳුරු දඩයක්කාරයා කියන නිර්මාණ මේ දවස්වල විකාශය වෙනවා. ඒ හරහා ප්‍රේක්ෂකයින්ට  මාව දැකගන්න පුළුවන්. ඒ වැඩකටයුතුත් එක්ක තමයි ජීවිතේ ගවෛන්නේ.
දැන් ඔබ තුළ හිටිය නිවේදකයා දකින්න ලැබෙනනේ අඩුවෙන්. ඒ ඇයි?

නිවේදකයා තවමත් මං තුළ ජීවත් වෙනවා. මේ දවස්වල මං කරපු වැඩසටහන ටිකක් නතර වෙලා තියෙන්නේ. නමුත් තවත් සති කිහිපයකින් නැවතත් ඒ නිවේදකයා මා තුළින් දකින්න ලැබෙයි.
තවමත් ඔබ තිරයේ බොළඳ පෙම්වතාටම කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

මට ලැබෙන බහුතරය බොළඳ පෙම්වතා වුණත් ඊට හාත්පසින්ම වෙනස් චරිත මං කරලා තියෙනවා. ළඟදී මං අංගම්පොර චරිතයකට රංගනයේ යෙදුණා. පෙම්වතාටම කොටු නොවුණු චරිත මං කරලා තියෙනවා. ඒ නිර්මාණ ඉදිරියේ දී දකින්න ලැබෙයි.
ටෙලි නාට්‍ය නොබලන කෙනෙක් විදියට ඔබ කොහොමද ඔබගේ රංගනයේ අඩුපාඩු, දුර්වලතා හඳුනාගන්නේ?

මගේ ආදරණීය බිරිඳ, ඇය තමයි මගේ චරිතවල දුර්වලතා අඩුපාඩු පෙන්වලා දෙන්නේ මට. නාට්‍ය නොබැලීම මං මගේ ලොකුකමකට කියන කතාවක් නෙවෙයි. මං රඟපාන නාට්‍යයක වුණත් එහි මාව පේන විදිය දැකගන්න මුල් කොටස් කිහිපය විතරයි මං බලන්නේ. ගෙදර ඉන්න වෙලාවක වුණත් මැච්, ෆිල්ම්, ඩිස්කවරි වගේ වැඩසටහන් මිස ටෙලි නාට්‍යය බලන්න පුරුද්දක් මට තිබිලා නෑ.
පෙම්වතාගේ චරිතයෙන් මිදිලා ප්‍රේක්ෂකයින් අතරට එන්න කැමැති වෙනත් චරිත මොනවාද?

අවස්ථාවක් ලැබෙනවා නම් ඕනිම අභියෝගයක් භාරගෙන ඒ චරිතයට උපරිමයෙන් මගේ රංගනය ලබා දෙන්න මං සූදානම්. ළඟදී කරපු අංගම්පොර චරිතයෙත් අවශ්‍යය නම් මට තිබුණා ආදරවන්තයා වෙන්න. නමුත් මේ වගේ අභියෝගාත්මක චරිත මං හරි ආසාවෙන් භාරගන්නවා. ලැබෙන බහුතරය ආදරවන්තයාගේ චරිතය වුණත් ඕනිම චරිතයකට රංගනය හැඩගස්වා ගැනීමේ හැකියාව මට තියෙනවා.
ඔබගේ බිරිඳගේ සහ ඔබගේ රැකියාවන් නිසා පුද්ගලික ජීවිතේ මගහැරිලා කියලා හිතෙන්නේ නැද්ද?

මේ මොහොතේත් ඇය ඉන්නේ ලංකාවේ. ඒ විදියට පුද්ගලික ජීවිතේ මගහැරීමක් කිසිදු මොහොතක සිදුවෙලා නෑ. බොහෝ විට ඇය ලංකාවට එනවා නැත්නම් මං ඇයව බලන්න යනවා. සතියක එකහමාරක විතර වගේ කාලයක් තමයි අපි දුරස්වෙලා ඉන්නේ. නැතිනම් ලැබෙන හැම අවස්ථාවෙම ඇය මං ළඟ. අපිට අපේ ජීවිතේ කවදාවත් මගහැරිලත් නෑ. මගහැරෙන්නෙත් නෑ.
දෙතැනක ගවෛන ජීවිතේට දැන් සමුදෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද?

තවම අපේ ජීවිතේ සම්පූර්ණ කරගත යුතු සැලසුම් කිහිපයක් තියෙනවා. ඊට පස්සේ දෙන්නම එකම තැනක.

ඔබ නවක නිළියන් සමග රංගනයේ දී ප්‍රේම ජවනිකා රඟපාද්දී ඇගේ ප්‍රතිචාර මොනවගේද?

තේරුම් ගැනීමේ සහ බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් ඇය. බොළඳ බිරිඳක් නෙවෙයි. රැකියාවෙත් ඇය පිරිසක් මෙහෙයවනවා. එහි දී ඇගේ බුද්ධි මට්ටම හරි ඉහළයි. ඕනම දෙයක් තේරුම් ගත හැකි ලේසියෙන් සැලෙන තැනැත්තියක් නෙවෙයි ඇය. මං ගැන හොඳින් එයා දන්නවා. රඟපාන චරිත ගෙදර අරන් යන්න තරම් පෙලඹෙන කෙනෙක් නෙවෙයි කියලා ඇය හොඳටම දන්නවා.

ඔබ දෙදෙනාට ඔබලාගේ මේ රැකියා ක්ෂෙත්‍රය නිසා ගැටලු ඇතිවෙලා නැද්ද?

කවදාවත් එහෙම ගැටලු ඇතිවෙලා නෑ. ඇයගේ රැකියාව ගැනත් හොඳ අවබෝධයක් මට තියෙනවා. මගේ ක්ෂේත්‍රය ගැනත් ඇයට හොඳ අවබෝධයක් තියෙනවා. බොරු කටකතා පැතිරීම නිසා මගේ ක්ෂේත්‍රෙය් ගැටලු ඇති වුණත් කවදාවත් අපිට අපේ රැකියාවන් ප්‍රශ්න වෙලා නෑ.
ඉදිරියේ දී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

අලුත් නිර්මාණ කිහිපයක්ම තව එන්න තියෙනවා. මේ අවුරුද්දේ අවසානයට වගේ තවත් නිර්මාණයක වැඩකටයුතු පටන් ගන්නවා. ඉදිරියේ දී ඒ හරහා මාව දකින්න ලැබෙයි.
අනාගත සැලසුම් සහ බලාපොරොත්තු මොනවාද?

බලාපොරොත්තු නම් කිහිපයක්ම තියෙනවා. ඒවා එකින් එක හැබෑ වෙනකොට ඒ ගැන දැනගන්න ලැබෙයි ඉදිරියේදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!