Gossip

ජනපති බිරිඳ හෝටල් කාමරයකදී නිරූපිකාවකට වයරයකින් පහර දෙයි – Photos

දකුණු අප්‍රිකාවේ සිටියදී පහරදීමේ වරදකට චෝදනා ලැබූ සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති බිරිඳ වන ග්‍රේස් මුගාබේ එරට ජොහැන්නස්බර්ග් පොලිසිය වෙත ඉදිරිපත් වීමට නියමිතව සිටියදී නැවතත සිම්බාබ්වේ වෙත පැමිණ තිබෙනවා.
ඇය විසින් දකුණු අප්‍රිකාවේ හෝටලයකදී දිගු වයරයකින් පහරදුන් බවට 20 හැවිරිදි තරුණියක් චෝදනා කර තිබුණා.
නිරූපිකාවක් ලෙස කටයුතු කරන මෙම තරුණිය තම දරුවන් දෙදෙනා සමඟ හෝටල් කාමරයේ සිටියදී අදාල පහරදීමට හසුවූ බවයි ඇය පවසන්නේ.
කෙසේ වෙතත් මේ ගැන ජනපති බිරිඳ ප්‍රකාශයක් සිදුකර නැහැ.
මෙම පහරදීමෙන් නිරූපිකාවගේ හිසටද තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“මගේ කාමරයට ඇය එක්වරම ඇතුල් වුණා. ඇගේ අතේ ප්ලග් එකක් සහිත විදුලි වයරයක් තිබුණා. එයින් තමයි මට පහර දුන්නේ. එම පහරින් මගේ හිස තුවාල වුණා. ලේ හැමතැනම විසිවුණා” යනුවෙන් ඇය දකුණ් අප්‍රිකානු මාධ්‍යයට පවසා තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!