සැමියාගේ අනියම් බිරිඳට හා තම දරුවන් දෙදෙනාටද වෙඩි තබා සිය ජීවිතයද නැතිකරගත් කාන්තාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
36 හැවිරිදි වියේ පසුවූ ජෙසිකා ඊඩන්ස් නමැති කාන්තාවගේ සැමියා දරුවන් දෙදෙනාද අතහැර වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වීමට මීට මාස කිහිපයකට පෙර ගොස් තිබෙනවා.
ඒ නිසා මෙම අපරාධය සිදුකර ඇති බවයි ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් වාර්තා වන්නේ.
පසුගිය දිනක මෙම කාන්තාව තම දරුවන්ද රැගෙන සැමියා සහ අනියම් බිරිද ජීවත්වෙන නිවසට ගොස් තිබෙනවා.
ඒ අවස්ථාවේ සැමියාගේ අනියම් බිරිඳ වන මෙරඩින් රාමේ නමැති තරුණියට වෙඩි තබා තිබෙනවා.
පසුව මෝටර් රථයේ සිටි දරුවන් දෙදෙනාට වෙඩි තබා ඇයද ජීවිතය නැතිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙම ඝාතනයට පෙර සැමියාගේ අනියම් බිරිඳට තර්ජනාත්මක කෙටි පණිවුඩ යවා ඇති බවටත් අපරාධය සිදුකළ ගිනි අවිය තම දෙමව්පියන් සතුව තිබූ එකක් බවත් වාර්තා වී තිබෙනවා.