මේ වන විට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “වායෝ“ සංගීත කණ්ඩායම දෙකඩ බෙදී ඇති බව ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි මගින් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් “වායෝ“ සංගීත කණ්ඩායම දෙකඩ වී ඇති බවට පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත අහන්නත් එක්ක අපි “වායෝ“ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම කණ්ඩායමේ ප්‍රධානියෙකු වන සංගීත් විජේසුරිය මහතාට කතා කළා. එතකොට සංගීත් නම් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“වායෝ“ බැන්ඩ් එක දෙකඩ වෙලා නම් නෑ. බෑන්ඩ් එකේ ඉන්න එක් සාමාජිකයෙක් ඉවත් වෙලා යනවා විතරයි.එයා ගියා කියලා “වායෝ“ බෑන්ඩ් එක කැඩෙන්නේ නෑ. මගේ ඇඟ කැඩෙන්න ඕන බෑන්ඩ් එක කැඩෙනවානම් .“
“වායෝ“ සංගීත කණ්ඩායම ලංකාව තුළ ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුයේ “අපි කවුරුද“ යන මනරම් වු ගීතයත් සමගිනි.


Pingback: “වායෝ“ දෙකඩ වෙලා නෑ – සංගීත් | Mogo Reader
pina
January 24, 2015 at 12:07 pm
වායො මයිත්‍රි පිල. වයො මහින්ද පිල.