පොලිසිය කියන නමට අද සමාජයේ තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි.
ඒකට හේතුව තමයි සමහරක් පොලිස් නිලධාරීන්ගේ විවිධ ක්‍රියාකාරකම්.
කොහොම වුණත් ආයෙමත් පොලිසියේ නම කැත වෙන විදිහේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ඒ තමයි අක්කරපත්තුව පොලිසියට අයත් ජීප් රථයකින් විනෝද චාරිකාවක් පැමිණි බව පැවසෙන පිරිසක් ගැන සමාජ මාධ්‍යයේ පලවීම.
මේ ඡායාරූප පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් දක්වමින් පවසා තිබුණේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
කොහොම වුණත් මේ ගැන විවිධ කතා පලවුණු නිසා එහි ඇත්ත නැත්ත දැනගෙනම වාර්තා කිරීම වෙබ් ගොසිප් අපේ වගකීමක් නිසා අපි කතා කළා අක්කරපත්තුව ස්ථානාධිපතිතුමාට.
ඔහු කිව්වේ පසුගිය සිකුරාදා තමා රාජකාරිය නිමවී ආගමික වතාවත් සඳහා පල්ලියට යාමට සූදානම් වෙද්දි තමාගේ නිල රථයෙන් අව්වේ සිටි දරුවෙකු වඩාගත් කාන්තාවක් සහ තවත් කිහිපදෙනෙකු තම නිල රථයෙන් රැගෙන ගිය බවයි.
මම එදා ඩියුටි ඕෆ් වෙලා පල්ලියට යන්න හිටියේ. මහ දවාලේ විනෝද චාරිකා යනවද..? නාලා ඉවර වෙලා අව්වේ දරුවෙකුත් වඩාගෙන කට්ටියක් හිටියා. ඉතිං මම ඒ කට්ටියව ජිප් එකේ දාගෙන ගියා. පොලිසියත් එක්ක තරහ කවුරුහරි ඡායාරූප අරගෙන වැරදි අර්ථකථනයක් දීලා පලකරලා තියෙන්නේ.”