දිනක්ෂි ප්රියසාද් කවදත් කාගේත් ආදරය දිනාගත්තු කෙනෙක්. ඒත් සාරංග උමාලි ධනුක කියන නම් අතරට දිනක්ෂිගේ නමත් ගෑවිලා කියලා පොඩි ආරංචියක් යනවා. අපි ඒ ගැන ඇගෙන ඇහුවා.
කවුරු මොනවා කිව්වත් සාරංග තවම මටනම් මුකුත් කියලා නැහැ.
අනික එයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවානම් මුලින්ම දැනගන්න ඕන මමනේ. අවුරුදු ගානක් තිස්සේ අපි හොඳ යාළුවෝ. එච්චරයි.
එහෙම තීරණයක් ගන්න වුණොත් ඒක මගේ පුද්ගලික තීරණයක්.
මම පුද්ගලික ජීවිතේ ගැන අනාගතයේදි ගන්න තීරණ මොනවගේද කියලා දැන්ම කියන්න බැහැනේ.
අනික මම කොහොම තීරණයක් ගත්තත් ඒක මගේ පුද්ගලිකත්වයනේ. වෘත්තීය වෙනයි, පුද්ගලික ජීවිතේ වෙනයි.
උපුටා ගැනීමකි
