අම්මා..
මේ වදන අපේ හිත්වලට කොයිතරම්නම් සමීපද..?
අම්මා කෙනෙකුගේ ගුණකද ලියානිම කළ නොහැකිබව සක්සුදක්සයේද සඳහන් කරුණක්.
දරුවෙකු කුසතුල පිළිසිදගත් දා සිට හුස්ම වා තලයට මුසුවනතෙක් අම්මා කෙනෙක් කොයිතරම්නම් දුක්දහදිය කඳුළු වගුරනවා ඇතිද..
ඒත් ඒ ගුණකද නොදන්න දරුවෝ තමන්ගේ අම්මව අත්හරින්නේ ගෙවානිම කළ නොහැකි තරම් පවක් සිදුකරගනිමින්.
නවගත්තේගම මැටි ගහපු පාලු ගෙදර මේ ඉන්නෙත් දරුවන් හත්දෙනෙකුගේ මවක්.
ඇගේ ලොකු දුව අයිස් ක්රීම් පෙට්ටියකට බත් ටිකක් දාලා ගෙනත් දුන්නු හැටි ගැනත් කිසිදු දරුවෙකුගෙන් තමන්ට පිහිටක් නැති බවත් මේ අම්මා කිව්වේ හදවතේ ලොකු වේදනාවක් දරාගෙන.
ළඟ ගෙවල් වල රසකෑම ඉදෙන සුවදට ඉන් ටිකක් ඉල්ල ගන්න හිතුනත් ඔවුන් සැර වෙයි කියලා එය නොකරන බවත් මේ අම්මා කිව්වා.
අනන්ත සාගරයට ඇසෙන එකම හඬ අම්මා බව මේ අම්මා බිහිකළ දරුවන්ට නොදැනෙනවා ඇති.
කොහොම වුණත් මේ වගේ අම්මා කෙනෙක්ට පිහිටක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් කියලයි අපිටනම් හිතෙන්නේ.
