සිරි සමන්ත බද්ර හිමියන් සමග තවත් හිමිනමක් බුදුදහම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් වුණා.
මෙහෙම අභියෝගයක් කළේ විල්ගමුවේ රතනසාර හිමියන් විසින්.
මෙම විවාදය සඳහා විල්ගමුවේ රතනසාර හිමියන් යෝජනා කළේ මෙම මස 08 වැනිදාට යෙදෙන ඇසළ පොහොය දිනයයි.
ඉන් අනතුරුව සමන්ත්රබද්ර හිමියන්ද විවාදයට දිනයක් පැවසු නමුත් විල්ගමුවේ රතනසාර හිමියන් එයට එකඟ වූයේ නැහැ.
කෙසේවෙතත් මෙම විවාදය පැවැත්වෙනවාද නැද්ද යන්න සොයා බැලීමට අප විල්ගමුවේ රතනසාර හිමියන්ව සම්බන්ධ කර ගත්තා.
උන්වහන්සේ සඳහන් කළේ සමන්තබද්ර හිමියන් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්රකාශ නොකළ බවත් විවාදය සිදු කරනවානම් මහානායක හිමිවරුන්ගෙන් අවසරය සහිත ලිපියක් රැගෙන පැමිණෙන ලෙසත් එවැනි ආකාරයේ ලියුම් ඉල්ලා සිටින්නේ සමන්තබද්ර හිමියන් මෙම විවාදය මගහැරීමට බවත් කියා සිටියා.
