ඕලන්ද තරුණයෙකු ඔහු සිත් ගත් තරුණියකගේ හිත දිනා ගැනීම සඳහා ඇයව පුදුමයට පත්කිරීමට ගොස් සිදුවූ අකරතැබ්බයක් ගැන තොරතුරක් අප වෙත වාර්තා විය.
අදාළ ඕලන්ද තරුණයාගේ සැලසුම වී ඇත්තේ ඔහු සිත්ගත් තරුණියගේ නිවසට දොඹකරයකින් බැස ගීතයක් ගායනා කොට ඇයව මවිත කිරීමටය.
ඒ අනුව ඔහු කුලි පදනමට ගත් දොඹකරයකින් ඕලන්දයේ, ඉජ්සෙල්ස්ටේන් නගරයේ පිහිටා ඇති පෙම්වතියගේ නිවස අසළට ගොස් තිබේ.
එම අවස්ථාවේ දොඹකරයේ ආධාරකයක් කඩා වැටීම නිසා එහි සමබරතාවය නැති වී දොඹකරය නිවසක වහලක් කුඩු කරමින් ඇද වැටෙන අයුරු බොහෝ දෙනාට දැක ගැනීමට හැකිව ඇත.
කොහොම වුණත් මෙම සිදුවීමෙන් පසු පෙම්වතිය විවාහය සඳහා සිය පෙම්වතාට කැමැත්ත දී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේවන විට ඔවුන් දෙදෙනා සිය ආදරය සැමරීම සඳහා පැරිසිය වෙත ගොස් ඇතැයිද වාර්තා වනවා.