පසුගියදා ලන්ඩන් නුවරදී අවසන් වුණ 2014 ලෝක රූ රැජිණ තරඟයේ කිරුළ දිනාගැනීමට දකුණු අප‍්‍රිකාව නියෝජනය කරමින් තරඟ කළ 22 හැවිරිදි රොලේන් ස්ට‍්‍රවුස් සුරූපිනිය සමත්වුණා.
වෛද්‍ය ශිෂ්‍යාවක වන ඇය බ්ලූම්ෆොටීන් නිදහස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. 15 හැවිරිදි වියේ සිට නිරූපණ ශිල්පය පිළිබඳ උනන්දුවූ රොලේන් මින් ඉහත 2011 වසරේත් දකුණු අප‍්‍රිකානු රූ රැජිණ තරඟයට ඉදිරිපත්ව තිබුණ අතර එවර ජය නොගත් නමුත් උත්සාහයෙන් කටයුතු කර 2014 නැවත තරගවැදී ජයගන්නා ලදී.
මෙවර රටවල් 121 ක් මේ තරඟයට ඉදිරිපත්ව සිටි අතර දෙවන තැන හංගේරියාවටත් තෙවැනි තැන අමෙරිකාවටත් හිමි වුණා. මෙහිදී ලංකාවෙන් තරග කළ චුලක්ෂි රණතුංගට කිසිම ඉසව්වක් ජයගන්නට බැරිවිය. එම තරඟයේ විශේෂ අවස්ථා කිහිපයක් පහත ඡායාරූප වලින් දැක්වෙයි.





















fishinglovers
December 17, 2014 at 9:57 pm
I really like and appreciate your article.Thanks Again. Will read on…
fishinglovers
December 18, 2014 at 1:53 pm
I really like and appreciate your article.Really thank you! Really Great.