ඉන්දීය අග්රාමාත්යවරයාගේ ආරක්ෂාව සඳහා පැමිණ කාර්මික දේාෂයකට ලක්ව අස්ගිරිය ක්රීඩාංගණයේ නවතා තිබූ ඉන්දීය හෙලිකොප්ටර් යානාව අද ඉන්දියාව බලා පිටත්ව ගියා.
ඒ ඉකුත් දින කිහිපයේ සිදු කළ අලුත්වැඩියා කටයුතු වලින් පසුවයි.
ඒ සදහා ඉන්දීය කාර්මිකයන් පිරිසක් හා උපාංග කිහිපයක්ද ඉන්දියාවේ සිට රැගෙන එනු ලැබ තිබෙනවා.
ඒ ඉන්දිය ගුවන් හමුදාවේ උපදෙස් යටතේයි.
ඉන්දීය විශේෂ ආරක්ෂක ගුවන් යානා මහනුවර අහසේ පියාසර කරන අයුරු ප්රදේශවාසීන් දැක තිබෙන අතර දළදා සමිඳුන් වැඩසිටින මාළිගාවේ රන් වියනට උඩින් හෝ දළදා මාලිගාවට ඉහලින් ගුවනේ කිසිදු යානාවක් ගමන් නොකිරීමේ පෞරාණික සම්ප්රදායක්ද බෞද්ධයන් තුළ පවතින බව කතාවකුත් පැතිරෙමින් තිබුණි.
කෙසේවෙතත් මෙහි විශේෂත්වය වන්නේ මෙම යානාව අලුත්වැඩියා කිරීමට ආ ගුවන් හමුදා නිලධාරීන් සහ කාර්මිකයන් පිරිස පළමුව දළදා මාලිගාව වැඳපුදාගෙන පසුව යානාව යතාතත්වයට පත් කිරීමට කටයුතු කිරීමයි.