ශ්‍රී ලංකාවේ රජ්‍ය සේවයට අයත් වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට බව වාර්තා වෙනවා.
පකිස්තාන සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් එය සිදු කළ බවට ඔවුන් එම වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.
ඉස්ලාම් දහමට ජය වේවා.පකිස්තානයට ජය වේවා, මුස්ලිම්වරුන්ට ජය වේවා, පකිස්තානු යුද හමුදාවට ජය වේවා සහ පකිස්තාන අයි.එස්.අයි කණ්ඩායමට ජය වේවා යනුවෙන් ඔවුන් එහි සටහන් කර තිබෙනවා.
මෙම හැකර්වරුන් විසින් ආදළ වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව එහි පණිවුඩයක්ද සටහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ කාශ්මීරය, සිරියාව සහ පලස්තීනය යන රටවල් නිදහස් විය යුතු බවයි.
මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ මුහම්මද් බිලාල් යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් බව එහි හදුන්වා දී තිබෙනවා.
කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුමන දිනයකදී දැයි මෙතෙක් තහවුරු වී නැහැ.
කෙසේ වෙතත් මේ වන විට එම වෙබ් අඩවිය තරමක් යතා තත්ත්වයට පත් කර ඇති දැකගන්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය තොරතුරු ඒකකය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යර්ත විය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට පිවිසෙන විද්‍යුත් ලිපිනය
