සංග්රාම ලොවේ නිමැවුම් කරුවන් විසින් යුදමය අවස්ථාවකදී ගුවන ආවරණය කිරීම සඳහා ගත් උත්සාහයක එක් ප්‍රතිඵලයක් ලෙස MI24 හෙලිකොප්ටරය 1969 ඩි රුසියානුවන් විසින් නිපදවන ලදී.
ගුවනේ ගමන් ගන්නා විට මෙන්ම ගුවනේ නවත්වාත්, ගුවනේ සිට ගුවනටත්, ගුවනේ සිට ගොඩබිමටත් පහර දීය හැකි මෙම හෙලිකොප්ටරය පැයට 240 km වේගයකින් ගමන් කළ හැක.
අවි බලය මිනිත්තුවකට 12.7 mm උණ්ඩ 45000 ක් පිට කළ හැකි බැරල් හතරේ mounted මැෂින් තුවක්කුව. 30 mm දිග දුර පහර දීය හැකි අවි 2 ක්. යුද ටැංකිය නාශක රොකට් පද්ධතියක් හා අධි බලැති බෝම්බ වලින් වමන්විත වේ.
අශ්ව බල 2200 ක එන්ජිමකින් සමන්විත මෙම යානයට ටොන් 11 ක (11000 kg) බරක් රැගෙන යා හැකි අතර අසාමාන්‍ය අවි බලයක් හා විශාල බරක් රැගෙන යා හැකි නිසා සංග්රාම ලොවේ ” පියාඹන යුධ ටැංකිය” ලෙස හඳුන්වනු ලැබේ.
ත්රස්තවාදීන් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල ශක්තියක් වූ MI 24 හෙලිකොප්ටරය අපිටනම් එතරම් නුපුරුදු නමක් නොවේ