කික් එකට ගන්නේ කාවද? “කික්” සල්මන් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටිය ගැන හැමෝටම තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි. ඒ චිත්‍රපටියට සෝනක්ෂි සින්ග්හා රඟපානවා කියලා ආරංචි වුණාට එයා ඒකට එන්නේ නෑ කියලයි ආරංචි වෙන්නේ.
මේ කියන කතා ඇත්තනම් ඒක සල්මන්ට සුබම සුබ ආරංචියක් කියල බොලිවුඩ් ආරංචි මාර්ග කියනවා. මොකද ඒක එහෙම වුණොත් සල්මන්ට ආයෙත් පාරක් කත්රිනා කයිෆ් එක්ක රඟපාන්න පුළුවන් වෙනවනේ. මේ අවස්ථාව විද්‍යා බාලන්ට දෙන්න මුලින්ම තීරණය කරලා තිබුණත් හැමතිස්සේම ගැහැණිය මුල් වුණ චිත්‍රපටිවල රගපාන විද්‍යා මේ චිත්‍රපටියේ රඟපාන්න වැඩිය කැමති වෙලා නෑලු. ඉතින් ඒ නිසා තමයි සෝනක්ෂි සින්ග්හාව මේකට අරගන්න හිතලා තියෙන්නේ. ආරංචි වෙන විදිහට දැන් ඉතින් ඒකත් හරියන්නේ නෑ වගේ.
“ඒක් තා ටයිගර්” චිත්‍රපටියේ සලූ එක්ක කත්රිනාගේ රඟපෑමට ගොඩක් අය වශීවුණ නිසා මෙදා සැරෙත් ඒ දෙන්නම එකට වැටෙයි කියලයි හැමෝම කියන්නේ. හැබැයි කත්රිනානම් මේ දවස්වල ඔලුව උස්සගන්න බැරි තරමට වැඩවල හිරවෙලා කියලයි ආරංචි වෙන්නේ. ඉතින් ඒ නිසා චිත්‍රපටියේ පිටපත කියවලා බලලා ජනප්‍රිය වෙයි වගේ කියලා හිතුණොත් විතරලු රඟපානවද නැද්ද කියලා කියන්නෙත්.
සල්මන් “කික්” කත්රිනා එක්ක කරන්න හීන මවනවා කියල බොලිවුඩ් ආරංචි මාර්ග කියනවා. හැබැයි කත්රිනාටනම් ඒ ගැන වගේ වගක්වත් නෑ. කත්‍රිනාත් එක්ක රඟපාන්න සල්මන් මෙච්චර ආසාවෙන් ඉන්න එකේ මේ දෙන්නා ගැළපෙනවා කියලා ද ඔයාලත් හිතන්නේ?
