තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්අද (13) අවුරුදු උත්සවයක් පැවැත්විය.
මේ අවුරුදු උත්සවයේ තරඟ විවිධ ජනප්රිය නම් වලින් නම් කර තිබීම විශේෂත්වයක්.
බැලුන් පිපිරවීම – ගූගල් වයිෆයි බැලුන් ලෙස නම් කර තිබුණා.
කණා මුට්ටිය බිඳීම – මහ බැංකුව බිඳීම ලෙස නම් කර තිබුණා.
කඹ ඇඳීම – ආණ්ඩුවේ පක්ෂ දෙක ලෙස නම් කර තිබුණා.
අලියට ඇහැ තැබීම – රත්තරන් අශ්වයාට ඇස තැබීම ලෙස නම් කර තිබුණා.
පිටි මත කාසිය සෙවිම – ලැම්බෝ ගිණි සෙවිම ලෙස නම් කර තිබුණා.
එමෙන්ම තරඟ ජයග්රාහකයින්ට ලැම්බෝගිනි සෙල්ලම් කාර් සහ සෙල්ලම් හෙළිකොප්ටර් ලබාදෙන ලදී.
එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.
දකුණු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්රිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
