ඝාතනයට ලක්වූ පාතාල නායක “සමයං” ඝාතනය වන විට පැළඳ සිටි බව කියන රන් මුදුව හා රිදී මුදු ඔහුගේ බිරිඳ වන කේ.පී. සුගන්දි කල්දේරා නැමැත්තියට භාරදෙන ලෙස කළුතර ප්රධාන මහේස්ත්රාත් භාරතී විඡේරත්න මහත්මිය ඊයේ දිනයේ නියෝග කර ඇති බවට වාර්තා වෙනවා.
මෙලෙස සමයං සතුව තිබූ මුදු තමන්ට වෙත භාරදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සමයංගේ බිරිඳ වන බවයි පැවසෙන්නේ.
යම්කිසි රැඳවියකු හෝ සිරකරුවකු බන්ධනාගාරගත වීමෙන් පසු කිසිදු ආභරණයක් පැළඳගෙන සිටීම තහනම් බවත්, එහෙත් “සමයං” මෙසේ රන් භාණ්ඩ පැළඳ සිටියේ කෙසේද යන්න ගැටලුවක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.