හොලිවුඩ්

අඩි 50ක යෝධ කකුළුවෙක් මතුවෙයි

මේ දිනවල අඩි 50 ක් පමණ විශාල කකුළුවෙකු කෙන්ට් වරාය ආසන්නයේ සිටින ජායාරූපයක් අන්තර්ජාලයේ පළවීමත් සමග අදාළ  ප්‍රදේශයට ජනතාව පැමිණෙමින් ඇතිබව වාර්තා වේ.

 

 
බ්‍රිතාන්‍යයේ ,කෙන්ට් ප්‍රාන්තයේ විට්ස්බල් ප්‍රදේශයෙන් මෙලෙස යෝධ කකුළුවෙක් මතුව ඇති බව විදේශ  වාර්තා පෙන්වා දෙයි.

 

 
මෙම සත්වයා සියැසින් දැක ඇති පුද්ගලයෙකු පවසා ඇත්තේ ඔහුගේ පුතා සමඟ කකුළුවන් ඇල්ලීමට ගිය අවස්ථාවක පාවෙන ලී කොටයක් මෙන් යමක් දුටු බවත්,  පසුව එයට ඇස් සහ අඬු ඇති බව දුටු බවත්ය. කෙසේ වෙතත් මෙය අසත්‍යයක්  විය හැකි බව ඇතමුන්ගේ විශ්වාසයයි.

 

 
එමෙන්ම එය කකුළුවෙකුගේ හැඩයට සකස් වී වැලි ගොඩක්  විය හැකි බවද ඇතැම් පිරිස් පවසන බව වාර්තා වෙයි.  මේවන විට හමුවී ඇති විශාලතම කකුළුවා ජැපනීස් ස්පයිඩර් ක්‍රැබ් ලෙස හැඳින්වෙන අතර එම කකුළුවාගේ දිග ආදී 12 ක් පමණ වේ.
PAY-Crab-2PAY-Crab-1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!