2017 වසරේ අයවැය වාර්තාව එළි දැක්වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී එංජින් ධාරිතාව 1000CC කාණ්ඩයට පහළ මෝටර් රථ මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
මෙහිදී මෙරට ජනප්‍රිය සුසුකි ඇල්ටෝ හා සෙලරියෝ මෝටර් රථ අලෙවි නියෝජිතයා වන ඇසෝසියේට් මෝටර්වේස් සමාගම, සිය දැන්වීම් හරහා මහජනතාවට දන්වා සිටින්නේ රුපියල් ලක්ෂ දෙකක් දක්වා වට්ටම් ලබා ගැනීමට ප්‍රමාද නොවන ලෙසයි.
තව ද මයික්‍රෝ මෝටර් රථ සමාගම ද සිය පැන්ඩා මෝටර් රථ මාදිලිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මිල අඩු කිරීමක් මේ වන විට සිදු කර ඇති බවට දැන්වීම් පළ කර ඇත.
කෙසේ වෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පසුගියදා අද දෙරණ Biz වෙත කියා සිටියේ රේගුව විසින් මෝටර් රථ තක්සේරු මිල කිරීම් හි සංශෝධනයක් සිදුකර ඇති නිසා හොන්ඩා වෙසල්, ටොයෝටා ඇලියෝන් හා ප්‍රීමියර් යන මෝටර් රථ මාදිලිවල මිලෙහි ලක්ෂ 2 – 4 දක්වා මිල වැඩිවීමක් මේ වන විට සිදුව ඇති බවයි. වාහන තක්සේරු මිල ගණන් සංශෝධනය මත ඉදිරියේ දී තවත් වාහන රැසක මිල ගණන ඉහළ යා හැකි බවද හෙතෙම අවධාරණය කළේය.
– adaderanabiz ඇසුරෙන්-
